01

E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

1799/2023: මොණරාගල දිස්ත්‍රික්කයේ කිරි ගවයන්: තෘණ බිම්

1799/2023

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් කිරිගව පාලනය සිදු කරනු ලබන බවත්;

             (ii)       කිරිගවයින් සඳහා ආහාර සපයා ගැනීමේදී කිරිගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන අතර වන සංරක්ෂණ නිලධාරින් සහ වනජීවි නිලධාරින් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගන්නා බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, කිරිගවයන්ගේ ආහාර සඳහා සුදුසු තණබිම් හඳුන්වා ‍දීමට කටයුතු කරන්නේද යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)     ඔව්.

           මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ම පශු වෛද්‍ය කාර්යාල මඟින් එම එක් එක් පශු වෛද්‍ය කොට්ඨාසයට අදාළව කිරි ගව පාලනයේ යෙදෙන ‍ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට සුදුසු තෘණ භූමි ලෙස අක්කර 5,914ක ඉඩම් ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත.

 

අනු අංකය

ඉඩම කළමනාකරණය කරනු ලබන ආයතනය

 

පශු වෛද්‍ය කොට්ඨාසය

 

අක්කර ප්‍රමාණය

1.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

කතරගම, තෙළුල්ල, ඔක්කම්පිටිය, බුත්තල

4,110

2.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

මඩුල්ල

1,000

3.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කතරගම, ඇතිමලේ

   804

 

එකතුව

 

5,914

 

මෙම හඳුනාගත් ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළමනාකරණය කරනු ලබන බැවින් එම ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් පසු තෘණ බිම් සඳහා වෙන් කර දීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කෙරේ.

තවද මේ වන විට තෘණ වගාව සත්ව ආහාර භෝගයක් ලෙස නම් කිරීමටද කටයුතු කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks