පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1759/2023
ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සුළු හා මධ්‍ය පරිමාණ සත්ත්ව ගොවිපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට පුළුල් කර ඇති ගොවිපළ සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගොවිපළ පිහිටා ඇති ප්‍රදේශ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ප්‍රතිශතයක් වශයෙන් කවරේද;
(ii) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-05
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2023 වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති/ වැඩසටහන්
|
අනු අංකය |
ව්‍යාපෘතිය |
සංවර්ධනය කිරීමට අපේක්ෂිත ගොවිපොළ සංඛ්‍යාව |
|
1. |
කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ සංවර්ධන වැඩසටහන |
කුකුළු ගොවිපොළ 2,804 |
|
2. |
මී ගව පාලනය ව්‍යාපෘතිය |
මී ගව ගොවිපොළ 75 |
|
3. |
සූකර සංවර්ධන වැඩසටහන |
සූකර ගොවිපොළ 45 |
|
|
එකතුව |
ගොවිපොළ 2,924 |
(ii) වාර්ෂික අය වැය ප්‍රතිපාදන මඟින් සුළු හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සෑම වසරකදීම ක්‍රියාත්මක කෙරේ.
2013 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එවකට පැවති පශු සම්පත් විෂය භාර රේඛීය අමාත්‍යාංශයන් විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපොළ සංඛ්‍යාව 61,754කි.
2013 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ සංවර්ධනය කරන ලද සත්ව ගොවිපොළ පිළිබඳ විස්තර:
|
අනු අංකය |
ගොවිපොළ වර්ගය |
ගොවිපොළ සංඛ්‍යාව |
|
01. |
කිරි ගොවිපොළ (එළ ගව/ මී ගව) |
5,923 |
|
02. |
කුකුළු ගොවිපොළ |
53,821 |
|
03. |
එළු ගොවිපොළ |
1,488 |
|
04. |
සූකර ගොවිපොළ |
522 |
|
|
එකතුව |
61,754 |
(iii) 2013 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ සංවර්ධනය කරන ලද සත්ව ගොවිපොළ පිහිටි ප්‍රදේශ:
|
පළාත |
ගොවිපොළ සංඛ්‍යාව |
||||
|
කිරි ගොවිපොළ (එළ ගව / මී ගව) |
කුකුළු |
එළු |
සූකර |
එකතුව |
|
|
ගොවිපොළ |
|||||
|
බස්නාහිර පළාත |
366 |
3,313 |
58 |
195 |
3,932 |
|
මධ්‍යම පළාත |
713 |
7,173 |
115 |
23 |
8,024 |
|
දකුණු පළාත |
502 |
5,381 |
161 |
16 |
6,060 |
|
උතුරු පළාත |
1,195 |
6,019 |
333 |
25 |
7,572 |
|
නැඟෙනහිර පළාත |
437 |
8,866 |
414 |
25 |
9,742 |
|
වයඹ පළාත |
1,246 |
6,186 |
217 |
199 |
7,848 |
|
උතුරු මැද පළාත |
666 |
7,313 |
94 |
29 |
8,102 |
|
ඌව පළාත |
607 |
5,012 |
50 |
5 |
5 ,674 |
|
සබරගමුව පළාත |
191 |
4,558 |
46 |
5 |
4,800 |
|
එකතුව |
5,923 |
53,821 |
1,488 |
522 |
61,754 |
(ආ) (i) ඉහත ව්‍යාපෘති යටතේ සංවර්ධනය කිරීම සඳහා ඉලක්කගත ගොවිපළ සංඛ්‍යාවෙන් සංවර්ධනය කරන ලද ගොවිපළ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 94ක් පමණ වේ.
(ii) වාර්ෂික අය වැය මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘති වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව එම එක් එක් ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත දිනය වන්නේ අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks