පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1718/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණවල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම වටිනාකම, සමස්ථ විදේශ විනිමය ඉපයීම්වල ප්‍රතිශතයක් ලෙස ඉහත සඳහන් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නීත්‍යානුකූල ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-22
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ (2015 - 2023)
|
වසර |
එක්සත් ජනපද ඩොලර් මිලියන |
|
2015 |
6,980 |
|
2016 |
7,242 |
|
2017 |
7,164 |
|
2018 |
7,015 |
|
2019 |
6,717 |
|
2020 |
7,104 |
|
2021 |
5,491 |
|
2022 |
3,789 |
|
2023 (ජනවාරි - ජූලි) |
3,364 |
ගරු කථානායකතුමනි, 2023 වසරේදී ඩොලර් මිලියන 6,000ක ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස අපට ලැබී තිබෙනවා.
(ii) විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, ජංගම ගිණුම වෙත වූ මුළු ලැබීම්වල ප්‍රතිශතයක් ලෙස (2015 - 2023)
|
වසර |
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ (එක්සත් ජනපද ඩොලර් මිලියන) |
ජංගම ගිණුම වෙත වූ මුළු ලැබීම් (එක්සත් ජනපද ඩොලර් මිලියන) |
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, ජංගම ගිණුම වෙත වූ මුළු ලැබීම්වල % ලෙස |
|
2015 |
6,980 |
24,078 |
29.0 |
|
2016 |
7,242 |
24,835 |
29.2 |
|
2017 |
7,164 |
26,432 |
27.1 |
|
2018 |
7,015 |
27,535 |
25.5 |
|
2019 |
6,717 |
26,392 |
25.5 |
|
2020 |
7,104 |
20,398 |
34.8 |
|
2021 |
5,491 |
20,587 |
26.7 |
|
2022 |
3,789 |
20,211 |
18.7 |
|
2023 (ජනවාරි - මාර්තු) |
1,413 |
5,560 |
25.4 |
|
2023 (ජනවාරි - ජූලි) |
3,364 |
- |
- |
(iii) 2021, 2022 සහ 2023 වසර තුළ විධිමත් මාර්ග හරහා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ දිරිමත් කිරීමට සහ අවිධිමත් වෙළෙඳ පොළෙහි ක්‍රියාකාරකම් අධෛර්යවත් කිරීමට පියවර කිහිපයක් ගන්නා ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 286ක පමණ සාමාන්‍යයකට සාපේක්ෂව, 2022 වසරේ සිව්වන කාර්තුවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගත් අතර, එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 405ක පමණ මාසික සාමාන්‍යයක් විය. 2023 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාල සීමාව තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 481ක පමණ මාසික සාමාන්‍යයක් සහ සමුච්චිත පදනම මත ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3,364ක් වාර්තා කරමින් තවදුරටත් වර්ධනය විය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks