පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1714/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අවශ්‍යතාවය හා නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම කාලය තුළ බඩඉරිඟු ආනයනය කර තිබේ නම්, ආනයනය කරන ලද බඩඉරිඟු ප්‍රමාණය හා ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලංකාව බඩඉරිඟුවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
නිෂ්පාදනය (මෙ. ටො.) |
මිනිස් පරිභෝජනය සඳහා ජාතික අවශ්‍යතාව (මෙ. ටො.) |
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන බඩඉරිඟු ප්‍රමාණය (මෙ. ටො.) |
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අවශ්‍යතාව (වසරකට/ මෙ. ටො.) |
|
2015 |
261,121 |
3,527 |
400,000 |
403,527 |
|
2016 |
243,960 |
3,567 |
450,000 |
453,567 |
|
2017 |
196,900 |
3,608 |
500,000 |
503,608 |
|
2018 |
270,041 |
3,646 |
600,000 |
603,646 |
|
2019 |
245,647 |
3,668 |
600,000 |
603,668 |
|
2020 |
313,521 |
3,688 |
550,000 |
553,688 |
|
2021 |
472,444 |
3,684 |
600,000 |
603,684 |
|
2022 |
259,040 |
3,770 |
500,000 |
503,770 |
· දැනට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව (මිනිස් හා සත්ව පරිභෝජනය ඇතුළුව) මෙට්‍රික් ටොන් 600,000ක් පමණ වේ. බඩඉරිඟුවල සිදු වන වාර්ෂික මිල වෙනස්වීම මත, සහල් හා තිරිඟු ආදේශක ලෙස යොදා ගැනීම හේතුවෙන් වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයේ උච්චාවචනයක් සිදු වේ.
· එසේම, කිරි කරල් පරිභෝජනය, ළදරු ආහාර නිෂ්පාදනය, රසකැවිලි නිෂ්පාදනය, ගව ආහාර සහ කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ඉල්ලුම ඉහළ යාම නිසා එම අවශ්‍යතාව 2025දී මෙට්‍රික් ටොන් 650,000ක් පමණ වේ යැයි අපේක්ෂිතය.
· සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන බඩඉරිඟු ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ නිපදවන සත්ව ආහාර ප්‍රමාණයෙන් සියයට 45ක් ලෙසිනි. සත්ව ආහාර නිෂ්පාදනයේදී උපරිමව සියයට 45ක සලාකයට එකතු කළ හැක.
(ii)
|
වර්ෂය |
බීජ හා *වෙනත් භාවිත සඳහා ආනයනික ප්‍රමාණය (මෙ. ටොන්) |
බීජ හා *වෙනත් භාවිත සඳහා වටිනාකම (රු. මිලියන) |
|
2015 |
68,637 |
3,031 |
|
2016 |
43,058 |
2,175 |
|
2017 |
181,021 |
7,546 |
|
2018 |
120,569 |
5,937 |
|
2019 |
103,537 |
5,237 |
|
2020 |
29,820 |
2,638 |
|
2021 |
8,175 |
1,736 |
|
2022 |
178,652 |
23,473 |
මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව *වෙනත් භාවිත-සත්ව ආහාර ඇතුළු වෙනත් පරිභෝජන
(iii)
- වගා කිරීමට අපේක්ෂිත වපසරිය හෙක්ටෙයාර 130,000ක් දක්වා ඉහළ නැංවීම.
- වගා ඵලදායීතාව ඉහළ නැංවීමට දැනට පවතින අස්වැන්න හෙක්ටෙයාරයට මෙට්‍රික් ටොන් 4.1 සිට 5 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය. මේ සඳහා පහත වැඩසටහන් 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරේ.
01. සාම්‍ප්‍රදායික වගා ක්‍රමය වෙනුවට අධිඝනත්ව වගා ක්‍රමය ප්‍රචලිත කිරීම.
02. පාංශු පරීක්ෂාව මගින් නිසි පරිදි කාබනික හා රසායනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම.
03. පාංශු සංරක්ෂණ ක්‍රම ගොවීන් අතර ප්‍රචලිත කිරීම හා පාංශු පෝෂක හායනය අවම කිරීම මගින් අස්වැන්න අඩුවීම වැළැක්වීම.
04. යල කන්නයේ කුඹුරු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීම සඳහා ගොවීන් යොමු කිරීම මගින් වගා වපසරිය ඉහළ නැංවීම.
05. Aflatoxin ආසාදනය අවම කිරීම සඳහා පෙර සහ පසු අස්වනු ශෂ්‍ය ක්‍රියා දියුණු කිරීම.
06. අස්වැන්න නෙළීම සඳහා සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර ගොවීන් අතර ප්‍රචලිත කිරීම.
07. වැඩි අස්වනු ගෙන දෙන නව දෙමුහුන් ප්‍රභේද හඳුන්වා දීම.
08. රෝග පලිබෝධ හානි වැළැක්වීම සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
උදාහරණයක් හැටියට සේනා දළඹු පාලනය සඳහා අපි විශේෂ වැඩ පිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා.
මූලාශ්‍රය: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks