පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1680/2023
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෑතකදී ආරම්භ කරන ලද වවුනියාව විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල පුරප්පාඩු හා භෞතික සම්පත් හිඟයක් පවතින බව දන්නේද;
(ii) එම පුරප්පාඩු පිරවීමට සහ හිඟ භෞතික සම්පත් ලබාදීමට පියවර ගන්නේද;
(ii) වවුනියා විශ්වවිද්‍යාලයේ පීඨවලට අදාළ මණ්ඩප, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-25
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වවුනියා විශ්වවිද්‍යාලයේ අනුමත අධ්‍යයන සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාව හා පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව - 01.08.2023 දිනට:
වවුනියාව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව - 2023.08.01 දිනට අනුමත මුළු තනතුරු සංඛ්‍යාව 344ක් වන අතර, දැනට පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාව 145කි.
(ii) පුරප්පාඩු පිරවීම සම්බන්ධව
රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කිරීමේදී දැනට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ අත්‍යවශ්‍ය තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් වර්තමානයේ සීමා පවතී.
විශේෂයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත;
කෙසේ වෙතත්, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අමාත්‍ය මණ්ඩල නිලධාරි කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද අංක PMO/SEC/01/09 හා 2023.05.25 දිනැති ලිපිය (ඇමුණුම 03) මඟින්, විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂමව පවත්වා ගෙන යෑම සහතික වනු පිණිස, 2023.06.01 දිනට මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් විශ්‍රාම යෑමට නියමිත අධ්‍යයන කාර්ය මණ්ඩලයට සමාන සංඛ්‍යාවක් හා මෙම වර්ෂය තුළ යම් හෙයකින් ඉල්ලා අස්වීම්, විධිමත් පරිදි රාජකාරි නිවාඩු අනුමත කර නොගෙන විදේශගත වීම් ආදි හේතුන් මත තනතුරු අතහැර යෑම වැනි කරුණු පාදක කොට ගෙන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ඇති වී ඇත්නම් එම සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් 2023 වර්ෂය සඳහා දැනටමත් වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව, එක් එක් තනතුරට ඇති බඳවා ගැනීම් පටිපාටින්ට අනුකූලව සුදුසුකම් මත විධිමත් පරිදි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව වවුනියා විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වී ඇති අධ්‍යයන තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ කටයුතු සිදු කළ හැකි ය. ඊට අදාළව උපදෙස් ලබා දී ඇත.
ගරු කථානායකතුමනි, ඇමුණුම් 01, 02 සහ 03 මම සභාගත* කරනවා.
නමුත්, වවුනියාව විශ්වවිද්‍යාලයේ පවත්නා අනධ්‍යයන පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මෙතෙක් අනුමැතිය ලබා දී නැත. ඉහත කී චක්‍රලේඛන අනුව කටයුතු කළ යුතුව ඇත.
මෙම තත්ත්වය වවුනියාව විශ්වවිද්‍යාලයට පමණක් නොව විශ්වවිද්‍යාල පද්ධතියටම බලපා ඇති කරුණකි.
භෞතික සම්පත් ලබා දීම සම්බන්ධව
වවුනියා විශ්වවිද්‍යාලය සඳහා භෞතික සම්පත් ලබා ගැනීමට 2022 සහ 2023 වසරවල වෙන් කරන ලද ප්‍රතිපාදන පහත පරිදි වේ.
(රුපියල් මිලියන)
|
විස්තරය |
2022 |
2023 |
|
වාර්ෂික ප්‍රාග්ධන අයවැය ප්‍රතිපාදනය |
75.0 |
200.0 |
|
ආසියානු සංවර්ධන බැංකුව (ADB) - STHRD ව්‍යාපෘතිය |
- |
20.0 |
|
ලෝක බැංකුව - AHEAD ව්‍යාපෘතිය |
69.5 |
- |
|
මුළු එකතුව |
144.5 |
220.0 |
මීට අමතරව, පවතින භෞතික සම්පත් අඩු පාඩු සපුරාලීම සඳහා පහත සඳහන් පියවර ගෙන ඇත.
1. වවුනියා විශ්වවිද්‍යාල පුස්තකාල ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී.
2. භෞතික විද්‍යාපීඨ ගොඩනැඟිල්ලේ පළමුවන මහලේ ඉදි කිරීම් කටයුතු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයීය අරමුදලින් ඉදි කිරීම සඳහා ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුවේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. නොබෝ දිනකින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එය ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.
3. මහල් හතරකින් යුත් කාමර 100ක ශිෂ්‍ය නේවාසිකාගාරයක් සෑදීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යාංශය හරහා යොමු කර ඇත. එහි අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.
4. තොරතුරු තාක්ෂණ පීඨයේ ගොඩනැඟිල්ලක් ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා KOICA අරමුදලින් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යාංශය හරහා යොමු කර ඇත. එහි අනුමැතිය ද බලාපොරොත්තුවෙන් සිටී.
5. පිරිමි සහ කාන්තා නේවාසිකාගාර සඳහා මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යාංශය හරහා යොමු කර ඇත. එහි අනුමැතිය ද බලාපොරොත්තුවෙන් සිටී.
6. ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ රුපියල් මිලියන 364ක ඇස්තමේන්තු මුදල ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලීය අරමුදලින් ලබාගෙන ඉදි කිරීම සඳහා ජාතික සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුවේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මෙය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටී.
(iii) වවුනියා විශ්වවිද්‍යාලයේ පීඨවලට අදාළ මණ්ඩප මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කිරීම සඳහා මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks