01

E   |     |  

 දිනය: 2023-06-06   පිළිතුර ලබා දී ඇත 

1676/2023: කොක්කුත්තොඩුවායි සිට ‍තෙන්නෙයිමරවාඩි දක්වා මාර්ගය: අලුත්වැඩියා කිරීම

1676/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොක්කුත්තොඩුවායි සිට ‍ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෙන්නෙයිමරවාඩි දක්වා දිවෙන කිලෝ මීටර් 15ක පමණ දුරකින් යුතු කෘෂිකාර්මික ‍‍‍‍‍මාර්ගයක් පවතින බවත්;

  (ii) එම මාර්ගය මේ වනවිට ගොවීන්ට භාවිතා කිරීමට නොහැකි පරිදි අබලන් තත්ත්වයක පවතින බවත්;

(iii) ඉහත මාර්ගයේ දෙපස ඇති කුඹුරුවල වී අස්වැන්න අලෙවි කිරීමේ කටයුතුවලදී ගොවීන් භාවිතා කරනු ලබන එකම ප්‍රවාහන මාර්ගය ඉහත මාර්ගය බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එම මාර්ගය ගොවීන්ට භාවිතා කළ හැකි වන පරිදි අලුත්වැඩියා කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-06

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        මෙය මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොක්කුත්තොඩුවායි සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෙන්නෙයිමරවාඩි දක්වා දිවෙන කිලෝමීටර 15ක පමණ දුරකින් යුතු කෘෂි කාර්මික කටයුතු සඳහා භාවිත කරන මාර්ගයකි.

              (ii)      ඔව්.

එම මාර්ගය ඉතා දැඩි ලෙස අබලන් වී ඇත.

(iii) මුරියාමූණයි, අක්කරයිවෙලි, කන්නාට්ටි (කල්නාට්ට්)  සහ සහලාත්තු යන කුඹුරු යායන්ට අදාළ ගොවි පවුල් 339ක් විසින් මෙම මාර්ගය මේ වන විට භාවිත කරනු ලැබේ.

(ආ) මෙම මාර්ගය කෘෂිකර්ම අමාත්‍යාංශය ය‍ටතේ වන ආයතනයකට අයත් නොවන අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ පාලනයට යටත් වේ. ඒ අනුව, මෙහි අලුත්වැඩියා කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සතුවන බැවින් සහ අලුත්වැඩියා කිරීම තුළින් ගොවි පවුල් 339ක් ඇතුළු ප්‍රදේශවාසීන් රැසකට සහනය සැලසෙන බැවින් අලුත්වැඩියා කර දෙන ලෙස අදාළ ආයතනයෙන් ඉල්ලා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks