01

E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1645/2024: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: අනතුරු සම්බන්ධ වාර්තා

1645/2023

 

ගරු මිලාන් ජයතිලක මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන මෝටර් රථ පරීක්ෂකවරුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2015 සිට මේ දක්වා ඔවුන් විසින් අනතුරුවලට ලක් වූ වාහන පරීක්ෂාකර ලබා දී ඇති වාර්තා සංඛ්‍යාව කොපමණද;

(iii) බහුල වශයෙන් අනතුරු සිදු වීමට මූලික හේතූන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ එම පරීක්ෂණ වාර්තාවල ඉදිරිපත් කර තිබේද;

(iv) එසේ නම්, එම නිර්දේශ, ප්‍රතිපත්තියක් ලෙස සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෝටර් රථ පරීක්ෂකවරුන් සංඛ්‍යාව  109කි.

              (ii)      වාර්තා සංඛ්‍යාව ආසන්න වශයෙන් 259,000කි.

             (iii)      හදිසි අනතුරු සඳහා මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් මෝ.ප්‍ර.කො. 104 ආකෘති පත්‍රය මඟින් වාර්තා ලබා දෙනු ලබන අතර, එමඟින් බහුල වශයෙන් අනතුරු සිදුවීමට මූලික හේතු හඳුනාගෙන ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමක් සිදු නොකෙරේ.

එසේ වුවද එම වාර්තාව මඟින් අදාළ අනතුර සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වාහනයේ තිරිංග පද්ධතිය, සුක්කානම් පද්ධතිය, විදුලි පද්ධතිය හා ටයර් පද්ධතිය සම්බන්ධව නිරීක්ෂණ ලබා දෙනු ලබයි.

(iv) පැන නොනඟී.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks