01

E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1641/2023: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන්: වැටුප්, දීමනා සහ රක්ෂණ ආවරණය

1641/2023

ගරු මිලාන් ජයතිලක මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම සේවකයන් සංඛ්‍යාව විධායක නිලධාරින් හා කනිෂ්ඨ සේවකයන් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) විධායක නිලධාරින් හා කනිෂ්ඨ සේවකයන් සඳහා අනුමත මාසික වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ගෙවනු ලබන  වාර්ෂික රක්ෂණාවරණයේ  වටිනාකම කොපමණද;

(ii) වර්ෂ 2019 සිට මේ දක්වා එම රක්ෂණාවරණය ලබා ගැනීම වෙනුවෙන් අදාළ රක්ෂණ ආයතනයට ගෙවා ඇති මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජීවන් තොන්ඩමන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks