පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1638/2022
ගරු මිලාන් ජයතිලක මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) රිදියගම, සෆාරි උද්‍යානයේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු කවරේද;
(ii) එම සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
(iii) මෙම උද්‍යානයේ සිටින දේශීය හා විදේශීය සතුන් නිසි පිරිදි අධීක්ෂණය කරන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2018 සිට මේ දක්වා එම උද්‍යානය නැරඹීමට පැමිණි දේශීය හා විදේශීය සංචාරකයන් සංඛ්‍යාව;
(ii) ඉහත කාලය තුළදී එම උද්‍යානයේ ආදායම;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-19
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සහ (ii)
|
අනු අංකය |
සංවර්ධන කටයුතු |
අවසන් කිරීමට නියමිත දිනය |
විශේෂිත කරුණු |
|
1 |
බාහිර තාප්පය මත ඉදිකරන විදුලි වැට |
2023.10.15 |
සෆාරි උද්‍යානයේ මායිම් තාප්පයේ දිග කිලෝමීටර් 6ක් වේ. මින් මාංස භක්ෂක සතුන්ගේ කලාපවලට මායිම්වන ප්‍රදේශවල මායිම් තාප්පය අඩි 16ක් උස ය. මායිම් තාප්පයේ ඉතිරි කොටස අඩි 07ක උසකින් යුක්තය. මෙම කොටසින් බාහිර පුද්ගලයන්ට උද්‍යානය තුළට ඇතුළු වීමට හැකියාවක් පවතින බැවින් ආයතනයේ සතුන්ගේ හා දේපළ ආරක්ෂාව සඳහා අඩි 7ක තාප්පය මත විදුලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. |
|
2 |
ශාක භක්ෂක කලාපය වටා ඉදිකරන අඩි 8ක් වූ දැල් වැට |
2023.11.15 |
වසර 09කට පෙර ඉදිකර ඇති මෙම කලාපයේ දැල් වැට අඩි 05ක් උස ය. වල් ඌරන් වැනි සතුන් නිතර එය කඩා දමනු ලබයි. තිත් මුවන් වැනි සතුන්ට මෙම උස ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වේ. එබැවින්, උසින් වැඩි ශක්තිමත් වැටක් ඉදි කිරීමට අවශ්‍යව ඇත. |
|
3 |
ශාක භක්ෂක කලාපයේ උද්‍යාන ජල සම්පාදන පද්ධතිය |
2023.10.15 |
සතුන් ආහාරයට ගැනීමත්, ඔවුන්ගේ කුරවලටත් ශාක භක්ෂක කලාපයේ පවතින යටි වගාවන් විනාශ වී ඇත. මේ නිසා හිරු රශ්මිය කෙළින්ම පොළොවට පතිත වේ. දිවා කාලයේ පවතින අධික දූවිලි සතුන්ට දැඩි අපහසුවකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වතුර මල් පද්ධතියක් ශාක භක්ෂක කලාපය තුළ ස්ථාපිත කිරීමට යෝජිත ය. |
|
4 |
ගොවිපළ |
2023.11.30 |
මේ වන විට ශාක භක්ෂක සතුන්ට අවශ්‍ය තණකොළ වර්ග ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් රිදියගම ගොවිපළින් මිල දී ගනු ලබයි. මේ සඳහා මාසයකට රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය වේ. සෆාරි උද්‍යානයේ අක්කර 15ක භූමි ප්‍රමාණයක් ගොවිපළක් සඳහා වෙන් කර තිබේ. මෙහි තණකොළ ඇතුළු ශාක භක්ෂක සතුන්ට අවශ්‍ය අහාර වගා කිරීමට නියමිත ය. එමඟින් එම ආහාර සඳහා වැයවන මුදල ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. |
|
5 |
බොරලු මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු |
2023.09.15 |
සෆාරි උද්‍යානය විවෘත කරන අවස්ථාවේදී ඉදිකර ඇති එහි මාර්ග පද්ධතිය වර්ෂාවට සේදීයාම නිසා අබලන්ව පවතී. සෆාරි උද්‍යානයෙන් ලබා ගන්නා බොරලු පස්, පළාත් පාලන ආයතනවල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අලුත්වැඩියා කිරීමට යෝජිත ය. |
|
6 |
ජල සම්පාදන පද්ධතියේ අලුත්වැඩියා කටයුතු |
2023.09.15 |
දැනට සෆාරි උද්‍යානයේ පවතින ජල සම්පාදන පද්ධතිය වළවේ ගඟ ආශ්‍රිතව පවතින පොම්පාගාරයකින් සපයා ගනු ලබයි. එම ජලයෙහි කඨිනත්වය (කිවුල්) අධික ය. එබැවින්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රුහුණුපුර පානීය ජල සැපයුම් පද්ධතිය මඟින් ජල සැපයුමක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. සතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙහි මූලික අරමුණයි. |
|
7 |
දැනට පවතින විදුලි වැට පද්ධතියේ අලුත්වැඩියා |
2023.09.15 |
අලි ඇතුන් සඳහා ඉදිකර ඇති කලාපයේ සහ ශාක භක්ෂක කලාපයේ විදුලි වැට පද්ධතිවල දෝෂ හඳුනාගෙන තිබේ. වසර හයකින් පමණ අලුත්වැඩියා කර නොමැති මෙම කලාපයේ විදුලි වැට අලුත්වැඩියා කිරීමට අවශ්‍යව ඇත. |
|
8 |
චීටා කලාපය |
2024.06.30 |
නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිකර ඇති අක්කර 14කින් යුතු චීටා කලාපයක් 2024 වර්ෂයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත. මේ වන විට එහි පිවිසුම් පද්ධතිය හා මාර්ග පද්ධතිය, ජල සැපයුම් පද්ධතිය ඉදිකර අවසන් කර ඇත. |
|
9 |
ශ්‍රීලන්කන් දිවියා කලාපය |
2024.11.30 |
මෙය අක්කර 20කින් සමන්විතය. 2024 වර්ෂයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇති මෙහි සත්ව කූඩු, මායිම් වැට, පිවිසුම් පද්ධතිය 2024 වර්ෂයේදී නිම කිරීමට අපේක්ෂිත ය. |
(iii) මෙම සෆාරි උද්‍යානයේ සතුන් සිටින සෑම කලාපයක් සඳහා ම කලාපයේ විශාලත්වය සහ සිටින සතුන් සංඛ්‍යාව අනුව සත්ව භාරකරුවන් 2-8 අතර සංඛ්‍යාවක් යොදවනු ලබයි. ඔවුන් විසින් දිනපතා සතුන්ට ආහාර ලබා දීම, දිනපතා සතුන් ගණනය කිරීම, ප්‍රතිකාර කටයුතුවලට සහය දීම ඇතුළු සත්ව සුබ සාධනයට සහ රැකවරණයට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනු ලබයි.
තවද, සතුන්ගේ ආරක්ෂාව සඳහා රාත්‍රී කාලයට සත්ව භාරකරුවන් සත්ව කලාපවල සේවයේ යොදවා ඇත. සත්ව භාරකරුවන්ගේ රාජකාරි අධීක්ෂණය සඳහා දිවා රාත්‍රි දෙකෙහිම අධීක්ෂණ නිලධාරින් සේවයේ යොදවා ඇත. මීට අමතරව දිවා රාත්‍රි දෙකෙහිම පශු වෛද්‍ය අංශය මඟින් ද සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනු ලබයි.
තවද, ආයතනයේ සිටින සතුන් සම්බන්ධ ඉන්වෙන්ට්‍රි යාවත්කාලීන කරනු ලබන අතර, සෑම වර්ෂයක් අවසානයේදීම වසර අවසාන සත්ව එකතුව දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරනු ලබයි.
|
වර්ෂය |
සංචාරකයන් ප්‍රමාණය |
ආදායම රුපියල් |
||
|
විදේශීය |
දේශීය |
එකතුව |
||
|
2018 |
752 |
296,575 |
297,327 |
69,905,320.00 |
|
2019 |
954 |
315,262 |
316,216 |
83,182,160.00 |
|
2020 |
401 |
106,800 |
107,201 |
30,716,900.00 |
|
2021 |
295 |
90,015 |
90,310 |
28,614,690.00 |
|
2022 |
2,741 |
254,836 |
257,577 |
88,980,830.00 |
|
2023 ජුනි දක්වා |
3,314 |
110,170 |
113,484 |
64,021,537.75 |
|
එකතුව |
8,457 |
1,173,658 |
1,182,115 |
365,421,437.75 |
(ආ) (i) සහ (ii)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-07-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks