පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1635/2023
ගරු මිලාන් ජයතිලක මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2020 සිට 2022.06.30 දින දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශ රැකියා සඳහා යොමු කර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ශ්‍රමිකයන් යොමුකර ඇති රටවල් කවරේද;
(iii) එම එක් එක් රට සඳහා යොමුකර ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ රැකියා කෝටාව එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ක්‍රියාත්මකව පවතින භාෂා පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2020 සිට 2022.06.30 දින දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ලියාපදිංචි වී විදේශගත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් පරිදි වේ.
|
වර්ෂය |
විදේශගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව |
|
2020 |
53,711 |
|
2021 |
122,264 |
|
2022.01.01 - 2022.06.30 |
151,394 |
නමුත්, 312,000ක් විදේශගත කරවන්න අපට පුළුවන්කම ලැබුණා.
(ii) එම ශ්‍රමිකයන් යොමු කර ඇති රටවල් එක් එක් වර්ෂයට අනුව පහත සඳහන් පරිදි වේ.
2020 වර්ෂයට අදාළ තොරතුරු ඇමුණුම 01හි සඳහන්ව ඇත.
2021 වර්ෂයට අදාළ තොරතුරු ඇමුණුම 02හි සඳහන්ව ඇත.
2022.06.30 දක්වා තොරතුරු ඇමුණුම 03හි සඳහන්ව ඇත.
(iii) එම එක් එක් රට සඳහා යොමු කර ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත සඳහන් පරිදි වේ.
2020 වර්ෂයට අදාළ තොරතුරු ඇමුණුම 01හි සඳහන්ව ඇත.
2021 වර්ෂයට අදාළ තොරතුරු ඇමුණුම 02හි සඳහන්ව ඇත.
2022.06.30 දක්වා තොරතුරු ඇමුණුම 03හි සඳහන්ව ඇත.
(iv) දකුණු කොරියාව හා ඊශ්‍රායල රාජ්‍යය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks