04

E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1622/2023: මහෙස්ත්‍රාත් අධිකරණ මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එවන ලද චෙක්පත්: නිෂ්කාසනය නොකිරීම

1622/2023

ගරු තිස්ස අත්තනායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)          2020 වර්ෂයේදී මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දඩ මුදල් වෙනුවෙන්               පාරිභෝගික කටයුතු පිළිබඳ               අධිකාරිය වෙත එවන ලද රු.7,676,874/- ක්           වටිනා චෙක්පත් 154ක් එම අධිකාරිය විසින් නියමිත කාලය තුළදී නිෂ්කාශනය කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම චෙක්පත් කල් ඉකුත් වී නැවත අධිකරණ වෙත යවා ඇති බව දන්නේද;

(ii) ඉහත සඳහන් චෙක්පත් 154 නියමිත කාල සීමාව තුළ නිෂ්කාශනය කර ගැනීමට එම අධිකාරිය කටයුතු නොකිරීම සඳහා හේතු වූ කරුණු කවරේද;

(iii) මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන තිබේද;

(iv) නොඑසේ නම්,  ඊට හේතු කවරේද;

 

 

(v) නැවත අධිකරණ වෙත යවා ඇති ඉහත සඳහන් චෙක්පත් 154 වෙනුවට මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබී ඇති‍ චෙක්පත් සංඛ්‍යාව සහ එම එක් එක් චෙක්පතේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      2020 වර්ෂය යනු ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය පැවති කාල වකවානුවකි. එබැවින් යම් යම් කාල සීමා තුළ රට අගුළු දමා ආයතන තාවකාලිකව වසා තැබීම, සේවකයන් චක්‍රීය ක්‍රමයට සේවයට වාර්තා කරවීම, එක් එක් ආයතන එම ආයතනවල කළමනාකරණයට පහසු ආකාරයට සතියේ දින ආයතන විවෘත කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ලිපි ලැබීම ප්‍රමාද වීම සහ සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා නොකිරීම ආදී හේතු ඊට පාදක විය. ඒ වාගේම රාජ්‍ය ආයතනයක චෙක්පතක සාමාන්‍ය වලංගු කාලය දින 30කි. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත චෙක්පත් ලැබෙන විටත් එම වලංගු දින 30ක කාල සීමාව ඉක්මවා හෝ දින 30 සීමාවට ඉතාම ආසන්නව තිබූ බැවින් එම චෙක්පත් බැංකුගත කිරීමේ හැකියාවක් නොපැවතිණ.

(iii) නැත.

(iv) මෙය ගෝලීය වසංගත තත්ත්වය තුළත්, රටේ පැවති තත්ත්වය මතත් සිදු වූවක් හා ඉහත (ii)හි සඳහන් පරිදි අධිකාරියට චෙක්පත් ලැබෙන විටත් චෙක්පත්වල වලංගු දින සීමාව ඉක්මවා ගොස් තිබීමත් නිසා නිලධාරින්ගේ වගකීම ඉක්මවා ගිය කාරණාවක් බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව ඍජුව වගකීම දරන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මුදල් අයකැමි එම කාල වකවානුවේදී ක්‍රමානුකූලව සේවයට වාර්තා නොකිරීම සැලකිල්ලට ගෙන ඔහු සේවය අත්හැර ගිය සේවකයෙකු ලෙස සලකා කටයුතු කරන ලද අතර, මේ වනවිට ඔහුගේ සේවය අවසන් කර ඇත.

(v) මෙම චෙක්පත් 154ම නැවත අධිකරණය වෙත යොමු කර සියලු චෙක්පත් මේ වනවිට නිෂ්කාසනය වී ඇත. එම එක් එක් චෙක්පතේ වටිනාකම ඇමුණුමෙහි** දක්වා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks