04

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1620/2023: Establishment of Compost processing yards under the Central Environmental Authority

1620/2023

ගරු තිස්ස අත්තනායක මහතා,—  පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2021 වර්ෂය වනවිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලියාපදිංචි කර තිබු කොම්පෝස්ට් අංගන 152ක මාසික ධාරිතාවය මෙට්‍රික් ටොන් 18514ක් වුවද, එම අංගනවලින් අපේක්ෂිත මාසික ධාරිතාවය සපුරා ගැනීමට නොහැකිව ඌන උපයෝජිත මට්ටමේ පවතින බවත්;

(ii) ඒ අතරින් කොම්පෝස්ට් අංගන 84ක කොම්පෝස්ට්වල ගුණාත්මක බව,  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අංක 1246 ප්‍රමිතියට අනුව පරික්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කර නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් කොම්පෝස්ට් අංගන අතරින් ඌන උපයෝජිත අංගන, උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා සකස් කර ඇති ඉදිරි සැලසුම් කවරේද;

(ii) ඉදිරි සැලසුම් නොමැති නම්, ඊට හේතු කවරේද;

 (iii) ඉහත (අ)(ii)හි සඳහන් පරිදි කොම්පෝස්ට්වල ගුණත්වය පරික්ෂා කිරීම සම්බන්ධයෙන් පසුවිපරම් නොකිරීමට හේතු කවරේද;

(iv) එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇතිවීම, වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks