01

E   |     |  

 දිනය: 2023-12-04   පිළිතුර ලබා දී ඇත 

1596/2023: කළමනාකරණ සේවා නිලධාරි තනතුර: පුරප්පාඩු

1596/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරි තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

  (ii)       2021 වර්ෂයේ පවත්වන ලද කළමනාකරණ සේවා නිලධාරි තනතුරට බඳවාගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දන්නේද;

(iii) ඉහත විභාගයේ ප්‍රතිඵල මත බඳවාගැනීමට නියමිත කළමනාකරණ සේවා නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(iv) ඔවුන් බඳවාගනු ලබන  දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-04

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2023.08.31 දිනට පුරප්පාඩු 5,156කි.

              (ii)      ඔව්.

             (iii)      පළමු අදියර යටතේ නිලධාරින්     660

                        දෙවන අදියර යටතේ නිලධාරින්     276

                        තෙවන අදියර යටතේ නිලධාරින්     448

                        බඳවාගත් මුළු නිලධාරින් ගණන            1384

             (iv)       පළමු අදියර යටතේ 2023.01.17වන දින, දෙවන අදියර යට‍තේ 2023.07.10වන දින, තෙවන අදියර යටතේ 2023.10.16වන දින වශයෙන් බඳව‍ාගෙන අවසන් කරන ලදී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks