පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1588/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ සේවකයන් විශ්‍රාම හිමිකම් ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් සේවය කර ඇති පෙර සේවා ස්ථානවලදී වැන්දඹු හා අනත්දරු දායක මුදල් අය කර ගෙන ඇති බවට සහතික කළ යුතු බව චක්‍රලේඛයක් මඟින් දන්වා ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් විශ්‍රාමික රජයේ සේවකයන් විශාල පිරිසකට සිය විශ්‍රාම හිමිකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්;
(iii) සමහර රජයේ සේවකයන් සේවය කරන ලද පෙර සේවා ස්ථාන මේ වනවිටත් අහෝසි වී ඇති බැවින් ඉහත චක්‍රලේඛයේ පරිදි පෙර සේවා ස්ථානවලින් ලබා ගත යුතු සහතික ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) 1980 වර්ෂයෙන් පසු සියලුම කාන්තා සහ පිරිමි රජයේ සේවකයන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක විය යුතු බැවින් එම සේවකයන්ගේ මුල් වැටුපේ සිට දායක මුදල් අය කරනු ලබන හෙයින් ඉහත (අ) (i)හි පරිදි නැවතත් සහතික කිරීම් අවශ්‍ය වන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-23
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පිළිගනිමි.
අංක අමප/20/0477/216/027 හා 2020.03.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබා දී ඇති අනුමැතිය අනුව 2020.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2020 නිකුත් කර ඇත. ඒ අනුව 2020.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2020 මඟින් නිලධාරින්ගේ මුල් පත්වීමේ සිට වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අය කිරීම පිළිබඳ විස්තර පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබුණි. මෙලෙස අදාළ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම සඳහා වසර දෙකක සහන කාලයක් මෙමඟින් ලබා දී තිබුණි.
(ii) පිළිනොගනිමි.
පෙර සේවා ස්ථානවල වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප සඳහා දායක මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට අපහසු වී ඇති බව වාර්තා වී ඇතත් එම හේතුව මත විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි වී ඇති බව වාර්තා වී නොමැත.
(iii) පිළිගනිමි.
මෙම අපහසුතාව සැලකිල්ලට ගෙන සරල ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා දී ඇත.
(ආ) පහත පරිදි ඉදිරිපත් කරමි.
වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප සම්බන්ධව පිළිවෙළින් 1898 අංක 01 හා 1983 අංක 24 දරන පනත් ප්‍රකාරව මේ වන විට සෑම රාජ්‍ය නිලධාරියකුම දායක මුදල් ගෙවිය යුතුය.
විශේෂයෙන් 1983ට පෙර සේවයට බැඳී මෙම දායක මුදල් ක්‍රමයට පසුව මනාපය පළ කරන ලද කාන්තා නිලධාරිනියන්ගේ දායක මුදල් නිසි පරිදි අයවීම සිදු වී නොමැති බැවින් මෙවැනි සහතික කිරීමක් අවශ්‍ය වී ඇති බවට නිරීක්ෂණය වී ඇත.
නමුත්, 1983 වර්ෂයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වී රාජ්‍ය සේවයට එක් වූ කාන්තා නිලධාරිනියන්ගේ වුවද වයස මේ වන විට අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට ආසන්නව තිබීමත්, වැන්දඹු අනත්දරු දායක මුදල්, නිලධාරින්ගේ වැටුපෙන් අයවන අවස්ථාවේදී එය එම නිලධාරින්ගේ වැටුප් පත මඟින් සනාථ වන බැවින් ද, එය පරිගණක ක්‍රියාවලියක් හරහා සිදුවන බැවින් ද, අදාළ ආයතන ප්‍රධානීන් විසින් දායක මුදල් අයකර ගැනීම සිදු කළ යුතු බැවින් ද, අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය නිලධාරින්ට සහනදායී ක්‍රමයක් ඇති කරන ලෙස යෝජනා කර ඇති බැවින් ද රාජ්‍ය නිලධාරින්ට මේ සම්බන්ධයෙන් මතු වී ඇති අපහසුතා සැලකිල්ලට ගෙන අදාළ වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු දායක මුදල් අයවීම පිළිබඳ තොරතුරු 2020 වර්ෂයේ සිට ඉදිරියට පෞද්ගලික ලිපිගොනුවලට ඇතුළත් කිරීමට යෝජනා කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2020 සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත. විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks