පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1586/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ගංවතුර තත්ත්වයන් ඇති වන බවත්;
(ii) වර්ෂයකට දෙතුන් වතාවක් ගංවතුරෙන් යටවන ප්‍රදේශ එම දිස්ත්‍රික්කයේ පවතින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ඇති වීම පාලනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) එම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා මේ වනවිට සකස් කර ඇති සැලසුම් කවරේද;
(iii) එම සැලසුම් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-09
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාව සඳහා ආපදා පාත්‍රතාව පවතින බව දනිමි.
(ii) පිළිගනිමි.
(ආ) (i) ගරු මන්ත්‍රීතුමනි, මේක දීර්ඝ උත්තරයක්.
ගංවතුර ඇතිවීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ පියවර ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවූව ද, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවම කිරීම සඳහා පහත සඳහන් දෑ සිදු කරනු ලබයි.
• මෝසම් වර්ෂාවන්ට පෙර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ඇළ මාර්ග හා කානු පද්ධතිවල බාධක ඉවත් කිරීම සඳහා එම දේපළ අයත් වන ආයතනවලට දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම් මඟින් ප්‍රතිපාදන යොමු කොට ජලවහනය බාධා රහිතව සිදු කිරීමට කටයුතු කිරීම.
• ගංවතුර මට්ටම සැලකිල්ලට ගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන තාක්ෂණික උපදෙස් පරිදි මෝය කට අවශ්‍ය ප්‍රමාණයන්ට විවෘත කිරීම.
• ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් සිතියම්ගත කොට එම සිතියම් ද, ගංවතුර සම්බන්ධව ජනගහනයට පවතින අවදානම ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් සිතියම්ගත කොට එම තොරතුරු ද අදාළ තීරණ ගැනීමේ ආයතන වෙත ලබා දී ඇති අතර එම තොරතුරු www.riskinfo.lk වෙබ් පෝටලය මඟින් අවශ්‍ය ඕනෑම අයෙකුට භාවිතයට පහසුකම් සැලසීම.
• කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් මඟින් ද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම් මඟින් ද, සෑම මෝසම් වර්ෂාවකටම පෙර රැස්වීම් පවත්වා ආයතනවල වගකිව යුතු නිලධාරින් ඉදිරියේ, ඇති විය හැකි ආපදා පිළිබඳව දැනුවත් කර ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර ලබා දීමට කටයුතු කිරීම.
• ප්‍රදේශයේ පවත්නා ආපදා ආශ්‍රිතව ආපදා පෙර, ආපදා අවස්ථාවේ හා ආපදාවෙන් පසු ගත යුතු ක්‍රියා මාර්ග හා පුද්ගල වගකීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.
• ආපදා අවස්ථාවන්හි සෙවීම් හා මුදා ගැනීම් කටයුතු, සහන සේවා කටයුතු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ප්‍රාදේශීය පරිපාලන යන්ත්‍රණය හා සම්බන්ධීකරණය කොට අවශ්‍ය පහසුකම් සැලසීම හා පසු ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.
(ii) ගංවතුර පාලනය කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවන බව නිරීක්ෂණය කරමි.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks