පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1583/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2019 සිට මේ දක්වා අපනයනය කර ඇති මැණික් ප්‍රමාණය කැරට්වලින් කොපමණද;
(ii) එම මැණික් අපනයනය කර ඇති අපනයනකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත සඳහන් කාලය තුළදී මැණික් අපනයනය කිරීමෙන් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ආදායම සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට ලැබී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් මැණික් ආනයනය කර ඒවා ප්‍රතිඅපනයනය කරන්නේද;
(ii) එසේ නම්, එම මැණික් වර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-03
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2019 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා අපනයනය කර ඇති මැණික් ප්‍රමාණය (කැරට්)
|
වර්ෂය |
බර (කැරට්) |
|
2019 |
8,305,840 |
|
2020 |
2,696,897 |
|
2021 |
5,363,971 |
|
2022 |
4,884,725 |
|
2023 අගෝස්තු දක්වා |
2,985,315 |
|
එකතුව |
24,236,748 |
(ii) 2019 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා අපනයනය කර ඇති අපනයනකරුවන්ගේ සංඛ්‍යාව
|
වර්ෂය |
අපනයනකරුවන් සංඛ්‍යාව |
|
2019 |
1,105 |
|
2020 |
1,206 |
|
2021 |
1,435 |
|
2022 |
1,537 |
|
2023 අගෝස්තු දක්වා |
964 |
|
එකතුව |
6,247 |
(iii) 2019 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා මැණික් අපනයන ආදායම (ඇමෙරිකානු ඩොලර්)
(iv) ඔව්.
මැණික් අපනයනය මගින් ලැබිය යුතු විදේශ ප්‍රේෂණ (Remittances) සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට ලැබී තිබේද යන්න පිළිබඳව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට වාර්තා නොවේ. එසේ වුවද 2023 වර්ෂයේ සිට රේගු නිෂ්කාසනය අනිවාර්ය කර දින 180 ඉක්මවා ඇති අපනයනකරුවන්ගේ අපනයන ආදායම ඇතුළත් විස්තර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාසිකව යවනු ලැබේ.
(ආ) (i) ඔව්.
ශ්‍රී ලංකාවට වෙනත් මැණික් නිධි ඇති රටවලින් මැණික් ආනයනය කරනු ලැබේ. එම මැණික් නැවත රට තුළ අගය එකතු කිරීමෙන් (කපා ඔප දැමීමෙන් පසුව) ප්‍රතිඅපනයනය කරනු ලැබේ. මැණික් ප්‍රතිඅපනයනයේ දී අගය එකතු කර එම වැඩි කරන ලද අගයට පමණක් සේවා ගාස්තු ගෙවීමට බලාපොරොත්තු වන අපනයනකරුවන් පමණක් අධිකාරිය වෙත පැමිණ ආනයනය කරනු ලබන මැණික් ගල් ඉදිරිපත් කර වාර්තාගත කිරීම සිදු වේ.
(ii) ඔව්.
Corundum
Eg:- Blue Sapphire, Pink Sapphire, Yellow Sapphire, White Sapphire, Bi-colour Sapphire, Green Sapphire, Ruby et cetera.
1. Semi-precious Gems
Eg:
2. Emerald
3. Ornamental Gemstones
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks