පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1580/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වේවැල් හා පන් ආශ්‍රිත කර්මාන්තකරුවන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව දන්නේද;
(ii) එසේ නම්, එම කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iii) වේවැල් හා පන් වගා කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;
(v) එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-19
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
වේවැල්
වේවැල් කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් ප්‍රධාන වශයෙන් මා වේවැල් හා කුඩා වේවැල් යන අමු ද්‍රව්‍ය භාවිත කරනු ලබයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මඟින් පැනවූ යම් සීමාවලට යටත්ව කර්මාන්තකරුවන්ට කුඩා වේවැල් ලබා ගැනීමේ හැකියාව පැවතිය ද, මා වේවැල් රක්ෂිත ප්‍රදේශවල පවතින බැවින් හා එම ශාකයේ හිඟය හේතුවෙන් එසේ ලබා ගැනීම සඳහා ගැටලු පවතී. තවද, වේවැල් අමු ද්‍රව්‍ය මීට පෙර වසරවලදී ඉන්දුනීසියාවෙන් ආනයනය කිරීම සිදු වුවද වර්තමානයේදී ඉන්දුනීසියානු රජය මඟින් වේවැල් අමු ද්‍රව්‍යයක් ලෙස අපනයනය කිරීම තහනම් කර ඇත. ඒ අනුව වේවැල් අමු ද්‍රව්‍ය සපයා ගැනීම සම්බන්ධව මහත් අර්බුද තත්ත්වයක් මතුව පවතී.
පන්
ශ්‍රී ලංකාවේ පන් වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් ප්‍රධාන වනුයේ ගල්ලැහැ පන්, පොතු පන්, බොරු පන් හා හම්බු පන් යන විශේෂයන්ය. ඒ අතරින් ගල්ලැහැ පන් කර්මාන්තයේ යෙදෙන ශිල්පීන්ගේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කර ගෙන යෑමට අවශ්‍ය පන් ප්‍රමාණවත් තරම් ලබා ගැනීමේ අපහසුතාවක් පවතින බව මේ පිළිබඳ සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂාවලදී තහවුරු වී ඇත.
(ii) ඔව්.
ඒ යටතේ විවිධ දිස්ත්‍රික්ක සඳහා අක්කර ප්‍රමාණ වෙන් කර තිබෙනවා.
|
අ.අ. |
ස්ථානය |
දිස්ත්‍රික්කය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අක්කර ප්‍රමාණය |
|
|
මා වේවැල් |
|
|
|
|
01 |
යටියන්තොට පැලැල්ලේගම |
කෑගල්ල |
යටියන්තොට |
07 |
|
02 |
වනාතවිල්ලුව රාල්මඩුව |
පුත්තලම |
වනාතවිල්ලුව |
15 |
|
03 |
කලවාන දුම්බරමානාන |
|
අයගම |
17 |
|
04 |
ඕපනායක |
රත්නපුර |
ඕපනායක |
10 |
|
05 |
අකුරැස්ස විල්පිට |
|
අතුරලිය |
05 |
|
06 |
අකුරැස්ස ගල්ලල |
මාතර |
අකුරැස්ස |
12 |
|
|
ගල්ලැහැ පන් |
|
|
|
|
01 |
පන්තොට |
|
වලල්ලාවිට |
4.5 |
|
02 |
මාවල |
කළුතර |
කළුතර |
3.5 |
|
03 |
ඉඳුරුව |
ගාල්ල |
බෙන්තොට |
01 |
|
04 |
ඇලපාත |
රත්නපුර |
ඇලපාත |
01 |
|
05 |
මාවී ඇල |
කුරුණෑගල |
පඬුවස්නුවර නැඟෙනහිර |
0.25 |
වේවැල්
පන්
(iii)
(iv)
(v)
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks