01

E   |     |  

 දිනය: 2023-05-09   පිළිතුර ලබා දී ඇත 

1576/2023: ජාතික ගමනාගමන කොමිෂන් සභාව: ධාවන බලපත්‍ර නිකුත් කිරීම

1576/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ධාවන බලපත්‍ර නිකුත් කරනු ලබන ක්‍රමවේදය කවරේද;

             (ii)      සාමාන්‍ය මාර්ග සහ අධිවේගී මාර්ග සඳහා මේ වනවිට නිකුත් කර ඇති ධාවන බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට නිකුත් කර ඇති බලපත්‍ර වෙනත් පාර්ශ්වයකට පැවරීමේ හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-09

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      විවෘත ටෙන්ඩර් ක්‍රමය යටතේ; සහ

                        විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් යටතේ ධාවන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

              (ii)      සාමාන්‍ය මාර්ග සඳහා ධාවන බලපත්‍ර 3,010ක් ද,

                        අධිවේගී මාර්ග සඳහා ධාවන බලපත්‍ර 140ක් ද නිකුත් කර ඇත.

             (iii)      මේ වන විට නිකුත් කර ඇති බලපත්‍ර වෙනත් පාර්ශ්වයකට පැවරීමේ හැකියාවක් නොමැත. නමුත්, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගනිමින් පවත්නා බැවින් ඉදිරියේදී ඒ සඳහා අවස්ථාව සැලසෙනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks