පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1575/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට, පුනරින්, සියඹලාණ්ඩුව සහ ත්‍රිකුණාමලය සූර්යබල උද්‍යාන මේ වනවිට ස්ථාපනය කර තිබේද;
(ii) එසේ නම්, එම එක් එක් සූර්යබල උද්‍යානයෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙනු ලබන විදුලිය ඒකක ප්‍රමාණය මෙගාවොට්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත සඳහන් සූර්යබල උද්‍යාන මේ වනවිට ක්‍රියාත්මක කර නොමැති නම්, එම එක් එක් සූර්යබල උද්‍යානය ඉදිකිරීමේ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම එක් එක් සූර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) මෙම සූර්යබල උද්‍යාන 4 ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(ii) හම්බන්තොට සූර්ය බලාගාරය - මෙගාවොට් 150
පුනරීන් සුළං බලාගාරය - මෙගාවොට් 234
සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය - මෙගාවොට් 100
ත්‍රිකුණාමලය (සාම්පූර්) සූර්ය බලාගාරය පළමු අදියර - මෙගාවොට් 50
(iii) හම්බන්තොට මෙගාවොට් 150 සූර්ය බලාගාර ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට අපේක්ෂා කරනු ලබන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හා උපපොළ ඉදිකිරීම යන කාර්යයන් ආයෝජකයන් 15දෙනෙකු විසින් පිහිටුවා ගත් එකමුතුවක් -consortium company එකක් - මඟින් සිදු කරන අතර, ඒ සඳහා ඔවුන් වෙත අභිප්‍රාය ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. තවද, ආයෝජකයන් කිහිපදෙනෙකු තාවකාලික විදුලිබල අනුමැතිය ලබා ගැනීම සඳහා අයදුම් කර ඇත.
පුනරීන් මෙගාවොට් 234 සුළං බලාගාර ව්‍යාපෘතිය
පළමු අදියර යටතේ මෙගාවොට් 100ක් ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා අභිප්‍රාය ලිපි නිකුත් කර ඇති අතර, සියලු ආයතන වෙතින් එම ආයෝජනය සඳහා පූර්ව අනුමැතිය ලබා දී ඇත. මූලික පාරිසරික ඇගැයීම් කටයුතු අවසන් අදියරේ පවතී. ඉඩම් අත්පත් කර ගැනීම 2023 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතය.
දෙවන අදියර යටතේ මෙගාවොට් 134ක් ජාතික පද්ධතියට එකතු කිරීම සඳහා මූලික පාරිසරික තත්ත්ව අධ්‍යයනය සිදු කරමින් පවතින අතර, එම අධ්‍යයන 2023 අප්‍රේල් මාසය වන විට නිම කිරීමට නියමිතය.
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බලාගාර ව්‍යාපෘතිය
පාරිසරික ඇගැයීම් හා ඉඩම් වෙන් කිරීමේ කටයුතු නිම කර ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලි අවසන් අදියරේ පවතී. මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ගිවිසුම නිසි අනුමැතීන් ලබා ගැනීමෙන් අනතුරුව කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
ත්‍රිකුණාමලය (සාම්පූර්) සූර්ය බලාගාර ව්‍යාපෘතිය - පළමු අදියර මෙගාවොට් 50
මෙගාවොට් 135ක් දක්වා ව්‍යාප්ත කළ හැකි පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 50කින් සමන්විත පළමු අදියරේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියානු National Thermal Power Company - NTPC - එක්ව පිහිටුවා ඇති Trincomalee Power Company Limited මඟින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී. මූලික පාරිසරික තත්ත්ව වාර්තාව පිළියෙල කර එහි අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
(iv) හම්බන්තොට සූර්ය බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2024 දෙසැම්බර් මාසයේ අවසන් කර ජාතික පද්ධතියට එකතු කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා.
පුනරීන් සුළං බලාගාරයේ පළමුවැනි අදියර 2024 දෙසැම්බර් වන විට අවසන් කර ජාතික පද්ධතියට එකතු කර ගැනීමටත්, දෙවැනි අදියර 2026 දෙසැම්බර් වන විට අවසන් කර ජාතික පද්ධතියට එකතු කර ගැනීමටත් සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතිනවා.
සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය 2025 පෙබරවාරි වන විට ජාතික පද්ධතියට එකතු කර ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් පවතිනවා.
ත්‍රිකුණාමලය (සාම්පූර්) සූර්ය බලාගාරය 2024 ජුනි මාසය වන ජාතික පද්ධතියට එකතු කිරීමට මූලික කටයුතු කරමින් පවතිනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks