logo

03

E   |     |  

 දිනය: 2023-11-23   පිළිතුර ලබා දී ඇත 

1552/2023: තාවකාලික සෙවිලි ද්‍රව්‍ය භාවිත කර ඇති නිවාස: විස්තර

1552/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;

              (ii)      තාවකාලික සෙවිලි භාවිතා කර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

            (iii)      එම නිවාස බහුල වශයෙන් පවතින ප්‍රදේශ කවරේද;

(iv) එම නිවාස සඳහා ඉදිරියේදී ස්ථිර සෙවිලි ලබා දීමට කටයුතු කරන්නේද;

(v) එසේ  නම්, එම ක්‍රමවේදය කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-11-23

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ස්ථිර නිවාස නොමැති පවුල් සංඛ්‍යාව 789,242කි.

              (ii)      තාවකාලික සෙවිලි භාවිත කර ඇති නිවාස සංඛ්‍යාව 486,426කි.

             (iii)      එම නිවාස බහුල වශයෙන් පවතින ප්‍රදේශ වන්නේ, පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, මහනුවර සහ බදුල්ල.

             (iv)      ස්ථිර සෙවිලි ලබා දීමේ වැඩසටහන් දැනට ක්‍රියාත්මක නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) ප්‍රතිපාදන වෙන්වීමක් සිදු නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks