පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1550/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කුරුඳු වගාකරුවන් අතර බෙදා දී ඇති කුරුඳු පැල සංඛ්‍යාව කොපමණද;
(ii) එක් කුරුඳු වගාකරුවෙක් වෙත ලබා දී ඇති කුරුඳු පැල සංඛ්‍යාව කොපමණද;
(iii) එම කුරුඳු පැල බෙදා දී ඇති ප්‍රදේශ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කුරුඳු පැලවලට අමතරව කුරුඳු වගාකරුවන්ට ලබා දෙනු ලබන වෙනත් පහසුකම් කවරේද;
(ii) වර්ෂ 2019 සිට මේ දක්වා කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-09
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) මිලියන 75ක් පමණ.
(ii) * බොහෝ විට වගාකරුවෙකුට ලබා දෙන පැළ සංඛ්‍යාව සංවර්ධන වැඩසටහනට අනුව තීරණය වේ.
* දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අනුව එක් වගාකරුවෙකුට ලබා දිය හැකි පැළ ප්‍රමාණය පහත පරිදි වේ.
|
වැඩසටහන |
වගාකරුවෙකුට ලබා දෙන පැළ ප්‍රමාණය |
|
i. නව වගා ප්‍රවර්ධන, අපනයන කෘෂි කලාප වැඩසටහන් |
900-45,000 (අවම හෙක්ටෙයාර ¼ක් සඳහා පැළ 900ක් හා උපරිම හෙක්ටෙයාර 5ක් සඳහා පැළ 45,000ක් වශයෙන්) |
|
ii. ගෙවතු වගා වැඩසටහන් |
100-250 |
(iii) මහනුවර, මාතලේ, කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර.
(ආ) (i) කෘෂිකාර්මික දැනුම, තොරතුරු හා පුහුණුව.
කුරුඳු තැළුම් ශිල්පය සම්බන්ධ ප්‍රායෝගික පුහුණු වැඩසටහන්.
සැකසුම් මධ්‍යස්ථාන, තෙල් ආසවන ඒකක ස්ථාපනය සදහා උපදෙස් සහ ආධාර.
(ii)
|
වර්ෂය |
මුදල (රුපියල් මිලියන) |
|
2019 |
191 |
|
2020 |
246.5 |
|
2021 |
502 |
|
2022 |
355 |
|
2023 |
178.8 |
|
එකතුව |
1,473.3 |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks