පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1464/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට එම සමිතිවල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ධීවර සමුපකාර සමිති වැඩිම සංඛ්‍යාවක් ඇති දිස්ත්‍රික්කය කවරේද;
(iv) ධීවර සමුපකාර සමිති ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-09
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ධීවර සමුපකාර සමිති ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නොවන අතර එම සමිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරනු ලැබේ. ඒ අනුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාගත් තොරතුරු අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව පහත වගුව මඟින් දක්වා ඇත.
|
අනු අංකය |
ධීවර දිස්ත්‍රික්කය |
සක්‍රිය ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව |
අක්‍රිය ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව |
මුළු ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව |
|
01 |
ගාල්ල |
11 |
07 |
18 |
|
02 |
මාතර |
06 |
00 |
06 |
|
03 |
තංගල්ල |
20 |
00 |
20 |
|
04 |
මීගමුව |
04 |
00 |
04 |
|
05 |
කළුතර |
01 |
19 |
20 |
|
06 |
හලාවත |
59 |
00 |
59 |
|
07 |
පුත්තලම |
42 |
04 |
46 |
|
08 |
කොළඹ |
00 |
01 |
01 |
|
09 |
මඩකලපුව |
161 |
00 |
161 |
|
10 |
යාපනය |
126 |
00 |
126 |
|
11 |
කල්මුණේ |
118 |
00 |
118 |
|
12 |
කිලිනොච්චිය |
25 |
00 |
25 |
|
13 |
ත්‍රිකුණාමලය |
86 |
00 |
86 |
|
14 |
මුලතිව් |
32 |
00 |
32 |
|
15 |
මන්නාරම |
41 |
00 |
41 |
|
|
එකතුව |
732 |
31 |
763 |
(ii)
(iii) මඩකලපුව ධීවර දිස්ත්‍රික්කය
(iv) ධීවර සමූපකාර සමිති ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනු ලබන්නේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟිනි.
(ආ) ශ්‍රී ලංකාවේ ධීවර සමුපකාර සමිති ධීවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නොවන අතර එම සමිති සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරනු ලැබේ. ග්‍රාමීය ධීවර සංවිධාන හා දිස්ත්‍රික් ධීවර සංවිධාන මෙම අමාත්‍යාංශය යටතේ තිබෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ක්‍රියාත්මකව පවතී.
ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින ග්‍රාමීය ධීවර සංවිධාන සංඛ්‍යාව හා එහි සාමාජික සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වගුව මඟින් දක්වා ඇත.
පිළිතුරු දුන් දිනය
2024-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks