01

E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1463/2023: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය: වැටුප් සහ වාර්ෂික ආදායම

1463/2023

 ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විධායක ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව, කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව සහ මුළු සේවකයන් සංඛ්‍යාව;

               (ii)       විධායක ශ්‍රේණියේ සේවකයන්ට හා කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා;

(iii) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික ආදායම එක් එක් වර්ෂය අනුව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(ආ)          (i)      විධායක ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව     -118

                        සහායක ශ්‍රේණිවල සේවකයන් සංඛ්‍යාව    - 78

                        (කනිෂ්ඨ කළමනාකරණ, කළමනාකරණ සහකාර (තාක්ෂණ හා  තාක්ෂණ නොවන)

                        කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව     - 49

                        මුළු සේවකයන් සංඛ්‍යාව    - 245

(ii) විධායක ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් -  රු. 9,227,285.00

විධායක ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික දීමනා -  රු. 6,367,455.00

සහායක ශ්‍රේණිවල සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් -  රු. 3,429,440.00

සහායක ශ්‍රේණිවල සේවකයන්ට ගෙවනු ලබන මාසික දීමනා -  රු. 1,676,775.00

කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් -  රු. 1,257,406.00

කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික දීමනා -  රු. 805,600.00

(iii) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික ආදායම එක් එක් වර්ෂය අනුව:

2019

රු. 889,070,333.00

2020

රු. 745,455,400.00

2021

රු. 850,264,791.00

2022

රු. 1,128,003,886,00

2023 ජූලි මාසය දක්වා

රු. 802,509,311.00

 

 

 

 

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කනක හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks