පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1323/2023
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලග්ගල නව නගරයේ නව ප්‍රාදේශීය රෝහලක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම රෝහල ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම රෝහලේ ප්‍රසූතිකාගාරයක් හා වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක් නොමැති බව දන්නේද;
(iv) රෝහලේ මේ වනවිට පවතින අඩුපාඩු සම්පූර්ණ කර, එය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-12
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
"A" කාණ්ඩයේ ප්‍රාදේශීය රෝහලක් ලග්ගල නව නගරයේ ඉදිකර ඇත.
(ii) මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට සමගාමීව රුපියල් මිලියන 550ක මුදලක් වැය කර මහවැලි අධිකාරිය මඟින් එය ඉදි කර ඇත.
(iii) මෙම රෝහලේ වායුසමනය කරන ලද ප්‍රසූතිකාගාරයක් ස්ථාපිත කර ඇත. වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක් මෙහි ස්ථාපිත කර නොමැති නමුත්, ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඉතා ආසන්නව පිහිටා ඇති විල්ගමුව රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයක් මෙම වර්ෂයේ ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කොට ඇත. එහි මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
(iv) ලග්ගල ප්‍රාදේශීය රෝහල "A" කාණ්ඩයේ ප්‍රාදේශීය රෝහලක් - Divisional Hospital, Type A - ලෙස ක්‍රියාත්මක වන අතර, එම මට්ටමෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සියලු වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණ හා කාර්ය මණ්ඩල මෙම රෝහල සතුව දැනටමත් පවතී. රසායනාගාර සේවා, අධිසුරැකුම් ඒකකය - High-dependency Unit, විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු රෝගී සත්කාරක සේවා ගණනාවක්ම මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. එම ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ලග්ගල රෝහල "B" කාණ්ඩයේ මූලික රෝහලක් - Base Hospital , Type B - බවට පත් කිරීමට අවශ්‍ය සලකා බැලීම් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks