01

E   |     |  

 දිනය: 2023-03-08   පිළිතුර ලබා දී ඇත 

1320/2023: ඇලහැර-ගිරිතලේ අභයභූමිය: පරිසර හානිය

1320/2023

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)      ඇලහැර-ගිරිතලය අභයභූමියේ විශාලත්වය අක්කරවලින් කොපමණද;

              (ii)      මේ වනවිට එම අභයභූමියට අයත් අක්කර 250ක් පමණ විශාලත්වයකින් යුත් ප්‍රදේශයක විශාල පරිසර හානියක් සිදු වී ඇති බව දන්නේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධව අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2023-03-08

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      අක්කර 34,680යි, රූඩ් 03යි, පර්චස් 36යි.

              (ii)      පෞද්ගලික පාර්ශ්ව විසින් සිදු කර ඇති අනවසර ඉඩම් පරිහරණය නිසා ස්ථාන කිහිපයක පිහිටි ඉඩම්වලට හානි වී ඇති බවට තහවුරු වී ඇත.

                (iii)      මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා කටයුතු කරමින් පවතී.

 

(ආ)            අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks