01

E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

1319/2023: 2016-2020 කාලය තුළ පවත්වන ලද අපොස (උසස් පෙළ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීම: ගත වූ කාලය

1319/2023

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 2016 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) —

              (i)      විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව;

             (ii)      විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ගත වූ කාලය;

           (iii)      ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර ප්‍රතිඵල  නිකුත් කිරීම සඳහා ගත වූ  කාලය;

(iv) විභාගය සමත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ලබා දෙන ලද කාලය;

(v) එම සිසුන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට ගත වූ කාලය;

  වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

වර්ෂය

පෙනී සිටි සිසුන් සංඛ්‍යාව

2016

315,605

2017

315,227

2018

321,469

2019

337,704

2020

362,824

 

 

 

(ii)

වර්ෂය

ප්‍රතිඵල නිකුත් කිරීමට ගත වූ කාලය

2016

මාස 04 දින 11

2017

මාස 03 දින 26

2018

මාස 03 දින 28

2019

මාස 03 දින 27

2020

මාස 05 දින 28

 

 

 

 

(iii)

වර්ෂය

නැවත සමීක්ෂණය කර ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ගත වූ කාලය

2016

මාස 03 දින 08

2017

මාස 03 දින 26

2018

මාස 03 දින 14

2019

මාස 06 දින 20

2020

මාස 04 දින 19

 

 

 

 

 

 

(iv)

 

2016

2017

2018

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවූ දිනය

2017.01.25

2018.01.05

2019.01.11

අයදුම්පත් කැඳවීම අවසාන දිනය

2017.02.20

2018.01.26

2019.02.01

අයදුම් කිරීමට ලබා දුන් කාලය

සති 3 දින 6

සති 3

සති 3

කොවිඩ් 19 තත්ත්වය මත අයදුම් කිරීමට ලබා දුන් සහන කාලය

 -

 -

 -

(v)

(ආ) අදාළ ‍‍නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks