පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1310/2023
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය විදුලි බලාගාරයෙන් සිදු කරනු ලබන ජල විදුලිබල උත්පාදනය කොපමණද;
(ii) එය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) එම විදුලි බලාගාරයේ බලාගාර සාධකය කොපමණද;
(iv) ඉහත බලාගාරය, ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-10
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) උමා ඔය විදුලි බලාගාරයේ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 120කි.
(ii) ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 529,059,198.00කි. එයට පුහුල්පොළ ජලාශය හා ඩයරබා ජලාශය ඉදිකිරීම, එම ජලාශ දෙක යා කරන කිලෝමීටර 04ක් දිග උමඟ ඉදිකිරීම, ඩයරබා ජලාශයේ සිට විදුලි බලාගාරයට ජලය ගෙන යන කිලෝමීටර 15ක් දිග උමඟ ඉදිකිරීම, බලාගාරයෙන් පිට කරන ජලය නැවත ප්‍රධාන ජල මාර්ගයට යොමු කිරීම සඳහා යටිතල පහසුකම් ඉදිකිරීම -trail race, මෙගාවොට් 120ක ධාරිතාවකින් යුතු භූගත විදුලි බලාගාරය ඉදිකිරීම, රන්දෙණිය වහරු අංගනය - switchyard - ඉදිකිරීම, වහරු අංගනයේ සිට බදුල්ල ග්‍රීඩ් උපපොළ දක්වා කිලෝමීටර 32ක් දිග මෙගාවොට් 132 සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම, බදුල්ල ග්‍රීඩ් උපපොළ නවීකරණය කිරීම් යනාදී වැඩ කොටස් යන ඉදිකිරීම් ඇතුළත් වේ.
මේ සඳහා ඒකාබද්ධ කොන්ත්‍රාත්තුවක් - lump sum contract - ප්‍රදානය කර ඇත. බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය, වහරු අංගනය සහ ඊට සම්බන්ධිත අනෙකුත් ඉදිකිරීම් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ මුදලක් වැය වී ඇත.
(iii) බලාගාර සාධකයේ සාමාන්‍ය අගය සියයට 30ක් වන අතර, ඩයරබා ජලාශයේ සිට විදුලි උත්පාදනය සඳහා බලාගාරය වෙත නිකුත් කරන ජල ප්‍රමාණය මත එය රඳා පවතී. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය බහුකාර්ය ව්‍යාපෘතියක් වන බැවින් වාරිමාර්ග සහ පානීය ජල අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒ අනුව, ජලය නිදහස් කිරීමේ අවස්ථාවල විවිධත්වය සහ වාර්ෂික වර්ෂාපතනය යන නිර්ණායක මත ද කාලානුරූපව බලාගාර සාධකයේ විචලනයන් සිදු විය හැකි බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.
(iv) ව්‍යාපෘතිය නිම කිරීමේ කාලය දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය ප්‍රකාරව, බලාගාරය 2023 ජුනි මස 30 දින වන විට ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks