පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1306/2023
ගරු කිංස් නෙල්සන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “ගැමි සැරිය” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් බස් රථය ධාවනය කරනු ලබන ගමන් මාර්ගය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල ජීවත්වන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ "ගැමි සැරිය" වැඩසටහන යටතේ බස්රථ ධාවනය නොවන නමුත්, 2023 වර්ෂයේ දී නව සේවා ආරම්භ කිරීමට කටයුතු කෙරේ.
(ii) අදාළ නොවේ.
(iii) ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් 2023 වර්ෂයේ "ගැමි සැරිය" ව්‍යාපෘතිය යටතේ නව සේවා ආරම්භ කිරීම සඳහා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හරහා නව මාර්ග හඳුනා ගැනීමට කටයුතු කරමින් පවතින අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා නව "ගැමි සැරිය" සේවා 03ක් ලබා දීමට හැකියාව පවතී.
මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 46ක් මඟින් දිනකට ගමන් වාර 274ක් ක්‍රියාත්මක කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල ජීවත්වන ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසන අතර, ඉදිරියේදී ග්‍රාමීය සේවා සඳහා පොළොන්නරුව ඩිපෝව මඟින් බස් රථ 12ක් යොදවා ගනිමින් ගමන් මාර්ග 06ක් ඔස්සේ දිනකට ධාවන වාර 42ක් ක්‍රියාත්මක කරවීමට යෝජිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks