01

E   |     |  

 දිනය: 2012-05-08   පිළිතුර ලබා දී ඇත 

2146/2012: Project of 1000 School - Pre School

2146/’11

 

ගරු වයි. ජී. පද්මසිරි මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන පාසල් 1000 වැඩසටහන යටතේ පෝෂිත ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමට අරමුණු කරගෙන සිටින බැවින්, එම ව්‍යාපෘතියටද ගැලපෙන පරිදි, යෝජිත පෝෂිත ප්‍රාථමික පාසලකට ආසන්න පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (පෙර පාසල්) දෙක බැගින් දියුණු කිරීමට පියවර ගන්නේද;

  (ii)  එසේ තෝරා ගනු ලබන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරු භවතුන්ට යෝග්‍ය පුහුණු පාඨමාලාවක් ලබා දෙන්නේද;

  (iii)  එම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලට අවශ්‍ය භෞතික පහසුකම් සලසන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-08

අසන ලද්දේ

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks