01

E   |     |  

 දිනය: 2023-12-01   පිළිතුර ලබා දී ඇත 

0876/2023: 2023 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න: මිලදී ගැනීමේ සැලසුම්

876/2023

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2023 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

             (ii)      එමඟින් අපේක්ෂිත වී අස්වැන්න කොපමණද;

           (iii)      එම වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු සැලසුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-01

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2022/23 මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)      -     125,786.28

                        2023 යල කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)          -      69,595.60

                        2023  වර්ෂයේ වගා කර ඇති මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)            - 195,381.88

(ii) 2022/23 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වනු ලැබීම දළ වශයෙන්

(මෙට්‍රික් ටොන්) - 440,251.98

2023 යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ලැබීම දළ වශයෙන්

(මෙට්‍රික් ටොන්) - 292,301.52

2023 වර්ෂයේ අපේක්ෂිත වී අස්වැන්න ලැබීම දළ වශයෙන් (මෙට්‍රික් ටොන්)  - 732,553.50

 

(iii) වී අලෙවි මණ්ඩලය සතුව අනුරාධපුර කලාපයට අයත් වී ගබඩා 74ක් පවතින අතර, එම ගබඩා තුළ ගබඩා කළ හැකි වී අස්වනු ප්‍රමාණය වී මෙට්‍රික් ටොන් 65,030කි. එම ගබඩා සඳහා රජය විසින් තීරණය කරනු ලබන මිල ගණන් යටතේ ඕනෑම අවස්ථාවකදී ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීමේ කාර්යය සිදු කිරීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ව සිටී. මෙහිදී රජය විසින් අනුමත කර ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණ මත වී මිලදී ගැනීම සිදු කරනු ලබන අතර, විශේෂයෙන් පෞද්ගලික වී මෝල් හිමියන් හා වී ගබඩා නොමැති සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks