01

E   |     |  

 දිනය: 2023-11-21   පිළිතුර ලබා දී ඇත 

0875/2023: රජයේ වී ගබඩා මධ්‍යස්ථාන: අනුරාධපුර දිස්ත්‍රික්කය

875/2023

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති රජයේ වී ගබඩා මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ගබඩාවේ මේ වනවිට ගබඩා කර ඇති වී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බැවින්, එම වී තොග සඳහා ඉහත ගබඩාවල ඉඩ පහසුකම් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-21

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගබඩා 69කි. 

              (ii)     

කන්නය

ගබඩාව

ඉතිරි තොගය (කිලෝග්‍රෑම්)

 

 

සුදු නාඩු

රතු නාඩු

සුදු සම්බා

රතු සම්බා

කීරි සම්බා

සුවඳැල්

කළු හීනැටි

බටපොලැල් රතු නාඩු

දිස්ත්‍රික්කය - අනුරාධපුර

2022 යල

නොච්චියාගම

  3,555

         0

       0

0

0

0

0

0

2022 යල

තඹුත්තේගම

  2,257

14,595

3,777.3

0

0

0

0

0

2022 යල

කැකිරාව

         0

         0

2,446

0

0

0

0

0

2022 යල

වාහල්කඩ ඩී 02

11,404

         0

       0

0

0

0

0

0

2022 යල

පදවි ශ්‍රී පුර

         0

  2,400

       0

0

0

0

0

0

2021/22 මහ

පදවි පරාක්‍රම පුර

         0

  3,482

       0

0

202

0

0

0

2020 යල පාරම්පරික

පදවි පරාක්‍රමපුර

         0

0

       0

0

 

0

0

10,980

එකතුව

 

17,216

20,477

6,223.3

0

 

0

0

10,980

             (iii)      එම ගබඩා සඳහා රජය විසින් තීරණය කරනු ලබන මිල ගණන් යටතේ ඕනෑම අවස්ථාවකදී ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීමේ කාර්යය සිදු කිරීමට වී අලෙවි මණ්ඩලය සූදානමින් සිටී.

                        මෙහිදී රජය විසින් අනුමත කර ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය මත වී මිලදී ගැනීම සිදු කරනු ලැබේ.

විශේෂයෙන් පෞද්ගලික වී මෝල් හිමියන් හා වී ගබඩා නොමැති සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වී අලෙවි මණ්ඩලයට හැකියාව ඇත.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks