02

E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

0874/2023: අනුරාධපුර දිස්ත්‍රික්කය: මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන

874/2023

ගරු රෝහණ බංඩාර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

            (iii)      එම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

              (ii)      ජාතික  මිරිදිය හා ජලජීවී වගා පුහුණු ආයතනය. (මෙහි මිරිදිය හා ජලජීවී වගාව සම්බන්ධ පුහුණු කටයුතු හා මත්ස්‍ය අභිජනන කටයුතු සිදු කෙරේ.)

              (iii)      2023 වසරේ රුපියල් මිලියන 7ක වියදමකින් අභිජනනාගාරයේ ජල සැපයුම් පද්ධතිය හා වැඩිදියුණු කිරීම හා පුහුණුවන්නන්ගේ නේවාසිකාගාරයේ වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කෙරේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks