පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
871/2023
ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර, කලුවිල, සේන විදුහල නමින් විදුහලක් තිබෙන බව දන්නේද;
(ii) එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව සහ සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) “ජාතික පාසල් දහසේ ව්‍යාපෘතිය” සඳහා ඉහත පාසල තෝරා ගෙන තිබේද;
(ii) එම තීරණයෙහි වෙනසක් සිදු කර තිබේද;
(iii) ඉහත පාසල, ජාතික පාසලක් ලෙස දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-18
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව - 638
සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව - 52
(ආ) (i) ජාතික පාසල් 1,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම සඳහා මෙම පාසල තෝරාගෙන ඇත.
එම පාසල් 1,000 අතරින් පාසල් 23ක් ජාතික පාසල් බවට පරිවර්තනය කළා. මේ වර්ෂයේ මතු වී තිබෙන ප්‍රතිපාදන වෙන් කිරීම් සහ සංවර්ධනය කිරීම අපි ප්‍රතිපත්තිමය තීන්දු මත කල් තබා තිබෙනවා. ඒ අනුව ED/PLN/N/23/09 හා 2023.05.31 දින දරන අමාත්‍ය මණ්ඩල සටහනක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා, දැනුවත් කිරීම සඳහා.
(ii) වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් දක්වා ඉහළ නැංවීමේ වැඩසටහනට අදාළව මේ වන විට ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සඳහා ගරු ආණ්ඩුකාරවරුන්ගේ එකඟතාව ලද, එහෙත් මෙතෙක් ජාතික පාසල් බවට පත් නොකරන ලද පාසල් අදාළ පළාත් සභා මඟින් තවදුරටත් පරිපාලනය සඳහා අංක ED/PLN/N/23/09 හා 2023.05.31 දින අමාත්‍ය මණ්ඩල සටහනක් (ඇමුණුම) ඉදිරිපත් කර ඇති අතර, එහි තීරණ මත ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
ඇමුණුම සභාගත* කරමි.
(iii) රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත ඉහත පාසල ජාතික පාසලක් ලෙස දියුණු කිරීම පිළිබඳව ඉදිරියේ දී තීරණය කරනු ඇත.
ජාතික පාසල් 1,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාවට නංවන හෙයින්, මෙම වැඩසටහන සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඉහත පාසල ජාතික පාසලක් ලෙස දියුණු කිරීම පිළිබඳව ඉදිරියේ දී තීරණය කරනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks