01

E   |     |  

 දිනය: 2012-04-04   පිළිතුර ලබා දී ඇත 

2111/2012: Finance and Fund Management Companies - Owned by Government

2111/’11

 

ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා රජය විසින් සහ එහි කවර හෝ නියෝජිත ආයතනයක් විසින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ හිමිකාරීත්වය දරනු ලබන මූල්‍ය සහ/හෝ අරමුදල් කළමනාකරණ සමාගම්වල නම් කවරේද;

  (ii)  මෙම එක් එක් සමාගමෙහි නිකුත්කළ ප්‍රාග්ධනය කවරේද;

  (iii)  අවසන්වරට නිකුත් වූ අදාළ සහතික කරන ලද ශේෂ පත්‍රයන්හි සඳහන් පරිදි මෙම එක් එක් සමාගමෙහි සමස්ත වත්කම් ප්‍රමාණය කොපමණද;

  (iv)  ඉහත කී සමාගම්වල පවතින අධ්‍යක්ෂ මණ්ඩල කීපයෙහි සිටින එක් එක් සාමාජිකයාගේ නම, තනතුර සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

 (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-04

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks