පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
861/2023
ගරු නීතීඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “කොවිඩ් - 19 රෝගීන් ලෙස සැක කෙරෙන සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පිළිවෙත් මෙහෙයුම් නිර්ණායක” නමැති ප්‍රකාශනය පිළිබඳව එතුමා දන්නේද;
(ii) මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය සහ නිර්දේශ සඳහා දායක වූ විද්වතුන්ගේ නම් කවරේද;
(iii) ඔවුන් විශේෂඥ සම්පත් දායකයන් ලෙස සේවය කරන අවස්ථාවේ ඔවුන්ගේ තනතුරු සහ අනුබද්ධව සිටි ආයතන කවරේද;
(iv) ඔවුන් පත්කිරීම සම්බන්ධයෙන් වගකීම දරන ලද අධිකාරිය කවරේද;
(v) ඔවුන් තෝරාගැනීම සඳහා අනුගමනය කරන ලද නිර්ණායක/පදනම කවරේද?
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රකාශනයේ 7 වැනි වගන්තිය පිළිබඳ එතුමා දන්නේද;
(ii) 7 වැනි වගන්තියේ අන්තර්ගතය සහ නිර්දේශ සම්බන්ධයෙන් වගකීම දරන විශේෂිත විද්වත් සම්පත් දායකයන්ගේ නම් කවරේද;
(iii) 7 වැනි වගන්තියේ අන්තර්ගතය සහ නිර්දේශ සකස් කිරීම සඳහා යොදාගත් ක්‍රියාපිළිවෙළ, ලිපි ලේඛන සහ මූලාශ්‍රකොට ගත් ලේඛන වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 7 වැනි වගන්තියේ සඳහන් නිර්දේශ දේශීය හෝ අන්තර්ජාතික වෛද්‍ය ආචාර ධර්ම ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ වෘත්තිමය මතවාදයන් සඳහා යොමුකර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය හා සම්බන්ධීකරණයෙන් 2020 වසරේ මාර්තු මාසයේදී සකස් කරන ලද්දකි.
(ii) සහ (iii)
GUIDELINES DEVELOPMENT AND EDITORIAL COMMITTEE
Dr. Ananda Wijewickrama Consultant Physician, National Institute of Infectious Diseases and President, Ceylon College of Physicians
Dr. Damayanthi Idampitiya Consultant Physician, National Institute of Infectious Diseases, IDH
Dr. Eranga Narangoda Consultant Physician, National Institute of Infectious Diseases, IDH
Dr. Amitha Fernando Consultant Respiratory Physician, National Hospital of Sri Lanka
Dr. Chandimani Undugodage Consultant Respiratory Physician, Faculty of Medical Sciences
Dr. Jayantha Weeraman Consultant Paediatrician, Epidemiology Unit, Colombo
Dr. Neranjan Dissanayake Consultant Respiratory Physician, Teaching Hospital, Ratnapura
Dr. Manoj Edirisooriya Consultant in Intensive Medicine, National Hospital of Sri Lanka
Dr. Upul Dissanayake Consultant Physician, National Hospital of Sri Lanka
Dr. Priyankara Jayawardana Consultant Physician, De Soysa Maternity Hospital, Colombo
Dr. Rohitha Mutugala Consultant Virologist, National Hospital, Kandy
Dr. Channa Perera Consultant Judicial Medical Officer, Colombo
Dr. Indika De Lanerole Consultant Emergency Physician, National Hospital of Sri Lanka
Dr. Hasitha Tissera Consultant Epidemiologist, Epidemiology Unit
Prof. Chandanie Wanigathunga Professor of Pharmacology, University of Sri Jayewardenepura
Prof. Senaka Rajapaksha Senior Professor in Medicine, Faculty of Medicine, University of Colombo and Director, Postgraduate Institute of Medicine
Prof. Asita de Silva Professor of Pharmacology, University of Kelaniya and Chairman, National Medicines Regulatory Authority
Prof. Vasanthi Pinto Professor of Anesthesiology and Critical Care, Faculty of Medicine, University of Peradeniya
Prof. Neelika Malavige Director of Dengue Research, University of Sri Jayewardenepura
Dr. Malika Karunarathne Consultant Microbiologist, National Institute of Infectious Diseases
Dr. Rajiva de Silva Consultant Immunologist, Medical Research Institute, Colombo
Dr. Krishantha Jayasekara Consultant Physician, Teaching Hospital, Karapitiya
Dr. Harsha Sathischandra Consultant Physician, National Hospital of Sri Lanka
Dr. Nalayini Rajaratnam Consultant Physician, Teaching Hospital, Jaffna
Dr. Suranga Manilgama Consultant Physician, National Hospital, Kandy
Dr. Rasika Gunapala Consultant Paediatrician, Lady Ridgeway Hospital
Editorial Assistance
Dr. Azhar Ghouse Senior Registrar in Community Medicine, Family Health Bureau
Dr. Asela Abeydeera Medical Officer, COVID-19 Clinical Management Cell, Epidemiology Unit
Dr. Chathurika Herath Medical Officer, COVID-19 Clinical Management Cell, Epidemiology Unit
Dr. Sammani Ratnayake Research Assistant, Epidemiology Unit
(iv) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
(v) අදාළ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් මේ සඳහා පත් කිරීමට කටයුතු යොදන ලදී.
(ආ) (i) ඔව්. ඇමුණුම මඟින් දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ii) අ (ii) සහ (iii) හි පිළිතුර මීට අදාළ වේ.
(iii) අදාළ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුව මඟින් පවත්වන ලද රැස්වීම හා අන්තර්ජාතික වශයෙන් එවකට අනෙකුත් රටවල අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් හා කාලීනව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කරන ලද මාර්ගෝපදේශන පදනම් කරගෙන විද්වත් කමිටුවේ ඒකමතික තීරණයක් මත ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සකස් කරන ලදී.
(iv) අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය නිපුණතාවක් සහිත විද්වතුන්ගේ අදහස්, නිර්දේශ හා පළ කරන ලද ලියවිලි මත පදනම්ව මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks