01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0855/2023: New Sand Mining licenses issued in Manampitiya area

855/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පොළොන්නරුව,  මනම්පිටිය පාලම ප්‍රදේශයේ වැලි හෑරීම සඳහා නව මංකඩ 26කට අවසර ලබා දීමට කටයුතු කරමින් පවතින බව දන්නේද;

             (ii)      එසේ නම්, එම අවසර ලබාදීමට පෙර පරිසර වාර්තාවක් ලබා ගෙන තිබේද;

(iii) එසේ නම්, එම වාර්තාව සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i)හි සඳහන් අවසර ලබා දීම, මනම්පිටිය පාලම අවට ප්‍රදේශයේ පදිංචි වී සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවලට අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන්  ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-01

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks