01

E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

0854/2023: මාර්ග කිලෝමීටර 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

854/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මාර්ග කිලෝ මීටර් 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මාර්ග සංඛ්‍යාව කොපමණද;

             (ii)        එම මාර්ගවල නම් කවරේද;

            (iii)      ඉහත ව්‍යාපෘතිය යටතේ මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ඇති මාර්ගවල දිග සහ සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මාර්ගවල දිග වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවන ලද මුදල සහ ගෙවීමට තිබෙන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මාර්ග සංඛ්‍යාව - 13,160

                         එම ප්‍රමාණය සමස්ත දුර වශයෙන් - කි.මී. 17,847

              (ii)      සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මාර්ග සංඛ්‍යාව 13,160ක් වන බැවින් එම මාර්ගයන්හි නම් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමේදී විශාල ලිපිගොනු ප්‍රමාණයක් වන බැවින් එය ප්‍රායෝගිකව සැපයීම අපහසු කාර්යයක් වේ.

එම නිසා මෙම තොරතුරු අඩංගු මෘදු පිටපත් CD තැටියක බාගත කොට මම සභාගත* කරනවා.  ගරු මන්ත්‍රීතුමාට ඒකෙන් සියලු විස්තර බලාගන්න පුළුවන්.

(iii) වැඩ නිම කළ සමස්ත මාර්ග ගණන -   5,201

එම ප්‍රමාණය දුර වශයෙන් -   කි.මී. 6,298

සංවර්ධන කටයුතු ආරම්භ කළ වැඩ අවසන් නොවූ සමස්ත මාර්ග ගණන -    7,959

එම ප්‍රමාණය දුර වශයෙන් -   කි.මී. 11,549

 

සංවර්ධන කටයුතු සම්පූර්ණ කරන ලද මාර්ගයන්හි දුර ප්‍රමාණ සහ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නොහැකි වූ මාර්ගවල දුර ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමේදී විශාල ලිපි ගොනු ප්‍රමාණයක් වන බැවින්, එය ප්‍රායෝගිකව සැපයීම අපහසු කාර්යයක් වේ. එම නිසා මෙම තොරතුරු ඉහත කී CD තැටියෙහි මෘදු පිටපතක් ලෙස බාගත කොට ඇති බව කාරුණිකව දන්වා සිටිමි. ඔබතුමාට එය පරීක්ෂා කළ හැකියි.

 

(iv) 2023.10.31 දිනට මෙම ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත්කරුවන්හට ගෙවා ඇති මුදල - බිලියන 167.30

එම දිනට කොන්ත්‍රාත්කරුවන්හට ගෙවීමට ඇති මුදල බිලියන 5.00

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks