පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
839/2023
ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප අතරින් ගුරු අතිරික්තයක් හා ගුරු හිඟයක් පවතින අධ්‍යාපන කලාප කවරේද;
(ii) එම අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාව සහ හිඟ ගුරුවරුන් සංඛ්යාව එක් එක් විෂය අනුව කොපමණද;
යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප අතරින් ගුරු අතිරික්තයක් හා ගුරු හිඟයක් පවතින අධ්‍යාපන කලාප වන්නේ කොළඹ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර, පිළියන්දල, ගම්පහ, කැලණිය, මීගමුව, මිනුවන්ගොඩ, කළුතර, හොරණ, මතුගම යන කලාප වේ.
(ii) බස්නාහිර පළාතේ ජාතික පාසල්හි හිඟ ගුරුවරුන් සංඛ්යාව එක් එක් විෂය අනුව ඇමුණුම 01 මඟින්ද, බස්නාහිර පළාතේ පළාත් පාසල්හි හිඟ හා අතිරික්ත ගුරුවරුන් සංඛ්යාව එක් එක් විෂය අනුව අමුණුම 02 මඟින්ද දක්වා ඇත.
ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks