01

E   |     |  

 දිනය: 2023-03-09   පිළිතුර ලබා දී ඇත 

0833/2023: Details of "Suraksha" detain homes under Embassies in Middle east countries

833/2023

ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මැද පෙරදිග රටවල පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ සුරක්ෂා නිවාස පවතින බවත්;

             (ii)       එම සුරක්ෂා නිවාසවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත්;

(iii) ඒ හේතුවෙන් ආරක්ෂාව පතා එම නිවාසවලට පැමිණෙන ගෘහ සේවිකාවන් අසරණභාවයට පත්වන බවත්;

එතුමා දන්නෙහිද?

 

(ආ) (i) ඉහත සඳහන් එක් එක් සුරක්ෂා නිවසේ මේ වනවිට රැදී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ගෘහ සේවිකාවන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-09

අසන ලද්දේ

ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks