පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
826/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වර්ෂයකට නිෂ්පාදනය කරනු ලබන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් කොපමණද;
(ii) වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන එළවළු ප්‍රමාණය කොපමණද;
(iii) එළවළු නිෂ්පාදනයේ අතිරික්තයක් හෝ ඌනතාවයක් තිබේ නම්, එම ප්‍රමාණය කොපමණද;
(iv) වර්ෂ 2015 සිට 2019 දක්වා වූ කාල පරිච්ඡේදයේදී සහ වර්ෂ 2019 සිට 2021 දක්වා වූ කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද එළවළු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-24
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ පසුගිය වර්ෂ 5 තුළ නිෂ්පාදනය කරන ලද මුළු එළවලු ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් පහත වගුවේ දක්වා ඇත.
ඉහත දක්වා ඇත්තේ බෝංචි, වම්බටු, තක්කාලි, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, කැරට්, ගෝවා, බීට්රූට්, කරවිල, මාළුමිරිස්, ලීක්ස්, රාබු, වට්ටක්කා, නෝකෝල්, පිපිඤ්ඤා, අර්තාපල්, මෑ කරල්, දඹල, කැකිරි, මුරුංගා, තුඹ කරවිල, මල් ගෝවා, අළුකෙසෙල් හා පුහුල් යන ප්‍රධාන එළවලු භෝගයන්හි නිෂ්පාදනයේ මුළු එකතුවයි.
(ii) ඉහත (i) ප්‍රශ්නයෙහි සඳහන් කරන ලද එළවලු භෝගයන්හි ගෘහ ඒකක මඟින් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන සම්පූර්ණ ප්‍රමාණයන් පහත වගුවේ දක්වා ඇත.
මෙම පරිභෝජන ප්‍රමාණය තුළ හෝටල්, රෝහල්, අගය එකතු කළ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත මඟින්, පරිභෝජනය කරන එළවලු ප්‍රමාණය හා පසු අස්වනු හානි මඟින් පරිභෝජනය තුළින් ඉවත් වන එළවලු ප්‍රමාණය අඩංගු නොවේ.
|
වර්ෂය |
වාර්ෂිකව පරිභෝජනය කරන එළවලු ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
|
2019 |
779,019 |
|
2020 |
783,163 |
|
2021 |
791,631 |
|
2022 |
792,524 |
v සටහන - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2019 වර්ෂය සඳහා ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මඟින් ප්‍රකාශිත ඒක පුද්ගල පරිභෝජන ප්‍රමාණයන් හා වාර්ෂික ජනගහන දත්ත පදනම් කර ගනිමින් ඇස්තමේන්තු කරන ලදී. එහිදී සෑම පුද්ගලයකුම එකම එළවලු ප්‍රමාණයක් (සාමාන්‍ය අගයක්) පරිභෝජනය කරන්නේ යැයි උපකල්පනය කරයි.
(iii) එළවලු නිෂ්පාදනයේ ඌනතාවක් නොමැත. විශේෂ අවශ්‍යතා හැරුණු කොට, දේශීය අවශ්‍යතාව දේශීය නිෂ්පාදන මඟින් සපුරා ගනී.
(iv)
|
වර්ෂය |
ආනයනය කරන ලද එළවලු ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
|
2015 |
53 |
|
2016 |
128 |
|
2017 |
138 |
|
2018 |
259 |
|
2019 |
160 |
|
2020 |
58 |
|
2021 |
52 |
2015-2019 දක්වා මෙට්‍රික් ටොන් 738යි.
2020-2021 දක්වා මෙට්‍රික් ටොන් 110යි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks