01

E   |     |  

 දිනය: 2023-12-12   පිළිතුර ලබා දී ඇත 

0823/2023: Details of Loans obtained by Government

823/2023

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව පළමුවරට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගන්නා ලද වර්ෂය  සහ ණය මුදල කවරේද;

             (ii)       මේ වනවිට ලබා ගෙන ඇති ණය ප්‍රමාණය දේශීය හා විදේශීය මූලාශ්‍රය අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් හා ශ්‍රී ලංකා රුපියල්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ණය ලබා දෙන ලද ආයතන/ රටවල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවට  ඉන්ධන, ගෑස්, කිරිපිටි, ආහාර හා ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කිරීමට සිදු වන මුදල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) වර්ෂ 2019 සිට 2022 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල එක් එක් වර්ෂය අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-12

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks