01

E   |     |  

 දිනය: 2023-12-01   පිළිතුර ලබා දී ඇත 

0821/2023: රාජ්‍ය විශ්වවිද්‍යාල හා අනෙකුත් විශ්වවිද්‍යාල: විස්තර

821/2023

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      විශ්වවිද්‍යාල පනත යටතට නොගැනෙන විශ්වවිද්‍යාල හෝ විශ්වවිද්‍යාල ආයතන කවරේද;

(iv) ඒවා පිහිටුවා ඇති පනත් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2022 වර්ෂය වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා අනෙකුත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව හා ඒවායේ කථිකාචාර්යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විසින් පවත්වනු ලබන උපාධි පාඨමාලාවල කාලය එක් එක් උපාධි පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) විශ්වවිද්‍යාල සඳහා බඳවා ගනු ලබන උපාධි අපේෂකයන් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) සාමාන්‍ය උපාධිධාරියකු බිහි කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම කොපමණද; ‍

(ii) ‍වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයකු සහ කථිකාචාර්යවරයකු බිහි කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-12-01

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව 19කි.

 

              (ii)      1.         කොළඹ විශ්වවිද්‍යාලය

                        2.         පේරාදෙණිය විශ්වවිද්‍යාලය

                        3.         ශ්‍රී ජයව‍ර්ධනපුර විශ්වවිද්‍යාලය

                        4.         කැලණිය විශ්වවිද්‍යාලය

                        5.         මොරටුව විශ්වවිද්‍යාලය

6. යාපනය විශ්වවිද්‍යාලය

7. රුහුණ විශ්වවිද්‍යාලය

8. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

9. නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

10. අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

11. රජරට විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

12. සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

13. වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

14. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

15. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

16. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය

17. වවුනියා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

18. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

19. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

 

(iii) 1. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

2. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

 

(iv) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

 

1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සහ 1995 අංක 37 දරන සංශෝධිත පනත

 

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත

 

අනු අංකය

විශ්වවිද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය

ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලය

ප්‍රථම උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව

01

කොළඹ විශ්වවිද්‍යාලය

688

11,982

 

1.1 කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ආයතනය

51

1,042

 

1.2 කෘෂි-තාක්ෂණික සහ ග්‍රාමීය විද්‍යා ආයතනය

7

927

 

1.3 මානව සම්පත් අභිවර්ධන ආයතනය

7

520

 

1.4 දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය*

86

1,089

02

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

882

12,534

03

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

737

15,058

04

කැළණිය විශ්වවිද්‍යාලය

687

14,325

05

මොරටුව විශ්වවිද්‍යාලය

398

8,157

06

යාපනය විශ්වවිද්‍යාලය

536

10,929

07

රුහුණ විශ්වවිද්‍යාලය

626

11,830

08

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

295

6,929

 

8.1 ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයනායතනය

50

1,061

09

අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

218

5,941

10

රජරට විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

289

7,731

11

වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

251

5,780

12

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

191

4,100

13

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

151

2,740

14

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය

69

869

15

වවුනියා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

69

2,311

16

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

326

27,715

17

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

49

644

18

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

48

463

* දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, 2023 මාර්තු මස 01 දින සිට බලාත්මක වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය ලෙස පිහිටුවා ඇත.

 

              (ii)     

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල

උපාධි පාඨමාලාවේ නම

පාඨමාලා කාලය (අවුරුදු)

1. ශාස්ත්‍රවේදී (සාමාන්‍ය)  2. වාණිජවේදී (සාමාන්‍ය)  3. විද්‍යාවේදී (සාමාන්‍ය)

3

4. ශාස්ත්‍රවේදී (ගෞරව)  5. වාණිජවේදී (ගෞරව)  6. විද්‍යාවේදී (ගෞරව)  7. වාස්තු විද්‍යාවේදී  8. නිර්මාණවේදී (ගෞරව)  9. භූමි නිර්මාණවේදී   10. ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව)  11. අධ්‍යාපනවේදී (ගෞරව)  12. ලලිතකලාවේදී (ගෞරව)  13. දෘශ්‍ය කලාවේදී (ගෞරව)  14. ප්‍රාසංගික කලාවේදී (ගෞරව)  15. නීතිවේදී (ගෞරව)  16. තාක්ෂණවේදී (ගෞරව)

4

17. වෛද්‍යවේදී හා ශල්‍යවේදී  18. දන්ත වෛද්‍යවේදී  19. පශු වෛද්‍යවේදී  20. ආයුර්වේද වෛද්‍යවේදී

5

  • ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

උපාධි පාඨමාලාවේ නම

පාඨමාලා කාලය (අවුරුදු)

1. ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව

3

2. ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව  3. බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධි පාඨමාලාව

4

  • ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

උපාධි පාඨමාලාවේ නම

පාඨමාලා කාලය (අවුරුදු)

1. ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාව

3

2. ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව

4

(iii) · විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) -2019/2020 අධ්‍යයන වර්ෂය- සමත් සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10,000කින් වැඩි කරන ලද අතර, එය 42,233කි. එම වැඩි වීම අධ්‍යයන විෂය ධාරාව අනුව පහත වගුව මඟින් දක්වා ඇත. සෑම අධ්‍යයන වර්ෂයකටම එම වැඩි කළ ශිෂ්‍ය සංඛ්‍යාව බඳවා ගැනීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව 2020 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) -2020/2021 අධ්‍යයන වර්ෂය- සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගෙන් 43,927ක් බඳවා ගන්නා ලදි.

අධ්‍යයන විෂය

ධාරව

බඳවා ගත් සිසුන් 2018/ 2019

ලියා-පදිංචි වූ සිසුන් 2019/ 2020

අතිරේක සිසුන් 2019/ 2020

වැඩි වූ ප්‍රතිශතය

ලියාපදිංචි වූ සිසුන් 2020/ 2021

වෛද්‍ය විද්‍යාව/ දන්ත ශල්‍ය විද්‍යාව/ පශු වෛද්‍ය විද්‍යාව

1,660

2,214

554

33‍%

2,308

ඉංජිනේරු විද්‍යාව/ වාස්තු විද්‍යාව

2,443

3,253

810

33‍%

3,214

විද්‍යා/ කෘෂිකර්මය/ සමසෞඛ්‍ය විද්‍යාව/ දේශීය වෛද්‍ය විද්‍යාව

9,770

13,780

4,010

41‍%

15,240

තාක්ෂණ වේදය

2,305

3,407

1,102

48‍%

3,565

නීතිය

370

496

126

34‍%

507

කළමනා-කරණය

6,155

8,087

1,932

31‍%

8,112

කලා

9,481

10,996

1,515

16‍%

10,981

එකතුව

32,184

42,233

10,049

31%

43,927

  • ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

v ශිෂ්‍ය බඳවා ගැනීමේදී අනුයාත වර්ෂ 04කින් ඉල්ලුම්පත් කැඳවීම.

v ප්‍රාචීන මධ්‍යම විභාගය සමත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා බඳවා ගැනීමට කටයුතු කිරීම.

v ප්‍රාචීන ප්‍රාරම්භ සමත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගෙන් ත්‍රිපිටක අධ්‍යයනය සඳහා බඳවා ගැනීම් කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ.

  • ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

v අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් බඳවා ගන්නා විදේශීය ශිෂ්‍යයින් ගණන වැඩි කර ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

  • විදේශීය සිසුන් 200ක් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

(ඇ) (i)

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

වාර්ෂිකව විශ්වවිද්‍යාලවලින් වාර්තා කරන ගිණුම් වාර්තා අනුව එක් එක් පීඨය සඳහා යන ඒක ශිෂ්‍ය වියදම (පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සලකා බලා) වාර්ෂිකව ගණනය කරනු ලැබේ.

ඒ අනුව, 2022 වර්ෂයේ ගිණුම් වාර්තා මත පදනම්ව, එක් ශිෂ්‍යයෙක් සඳහා 2022 වර්ෂයට අදාළ පිරිවැය ගණනය කර ඇත. එම වාර්ෂික ගණනය කරන ලද මුදල සහ එක් එක් පීඨවල ප්‍රදානය කරන පාඨමාලාවල කාලය සලකා බැලීමෙන් උපාධිධරයෙකු බිහි කිරීම සඳහා වැය වූ පිරිවැය පහත දක්වා ඇත.

 

එක් උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා දරන පිරිවැය

 

 

අධ්‍යයන පාඨමාලාව

 

එක් උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා දරන පිරිවැය (රු.)

1

කලා/මානව

සාමාන්‍ය උපාධි

1,110,117.00

 

ශාස්ත්‍ර/සමාජ විද්‍යා

විශේෂ උපාධි

1,480,156.00

2

අධ්‍යාපන

 

3,119,376.00

3

නීතිය

 

1,460,960.00

4

ප්‍රසංග කලා/සෞන්දර්ය අධ්‍යයනය

 

1,989,588.00

5

කළමනාකරණ/ව්‍යාපාර අධ්‍යයනය

 

1,211,980.00

6

ඉංජිනේරු විද්‍යාව

 

2,735,068.00

7

වාස්තු විද්‍යාව

 

2,154,975.00

8

තොරතුරු තාක්ෂණය

 

1,746,988.00

9

වෛද්‍ය විද්‍යාව

 

5,589,345.00

10

දන්ත ශල්‍ය විද්‍යාව

 

8,647,090.00

 

අධ්‍යයන පාඨමාලාව

 

එක් උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා දරන පිරිවැය (රු.)

11

පශු වෛද්‍ය විද්‍යාව

 

9,384,270.00

12

කෘෂිකර්මය

 

2,835,444.00

13

විද්‍යා

සාමාන්‍ය උපාධි

1,560,627.00

 

 

විශේෂ උපාධි

2,080,836.00

14

සමසෞඛ්‍ය විද්‍යාව

 

2,611,792.00

15

තාක්ෂණවේදය

 

1,525,568.00

16

දේශීය වෛද්‍ය විද්‍යාව

 

3,371,615.00

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සාමාන්‍ය උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා රුපියල් 2,398,517ක් වැය වේ.

                        ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පිරිවැය  2022 වර්ෂයේ රුපියල් 839,363යි.

              (ii)      2022 වර්ෂයට අදාළව වෛද්‍යවරයෙකු සඳහා රුපියල් 5,589,345යි. ඉංජිනේරුවරයෙකු සඳහා රුපියල් 2,735,068යි. කථිකාචාර්යවරයකු බිහි කිරීම සඳහා වෙන් වූ විශේෂිත උපාධි පාඨමාලා නොමැති අතර, සෑම විෂය ක්ෂේත්‍රයකටම කථිකාචාර්ය තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව එම තනතුරු සඳහා ඉල්ලුම්කර තේරීපත්වීමේ හැකියාව ඇත. ඒ අනුව එක් එක් ක්ෂේත්‍රය සඳහා කථිකාචාර්ය තනතුරට සුදුසුකම් සහිත උපාධිධාරියෙකු බිහි කිරීමට වැය වන මුදල (ඇ) (i)හි පරිදි වේ.

(ඈ) අදාළ නොවේ. 

 

 

පිළිතුරු දුන් දිනය

2023-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks