පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
815/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල් සංඛ්‍යාව එම රෝහල් වර්ගීකරණය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව හා සාමාන්‍ය වාට්ටුවල ඇති ඇඳන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත (i)හි රෝහල්වල සේවය කරන මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ එම සංඛ්‍යාව, විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතා කරනු ලබන ඖෂධ වර්ග සංඛ්යාව කොපමණද;
(ii) එම ඖෂධ වර්ග අතරින් මේ වනවිට හිඟ ඖෂධ වර්ග සංඛ්යාව කොපමණද;
(iii) ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වර්ෂයකට වැය කරනු ලබන මුදල රුපියල්වලින් හා එක්සත් ජනපද ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-09
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2022.12.31 දින වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ රෝහල් සංඛ්‍යාව 60ක් වන අතර පළාත් සභා රෝහල් සංඛ්‍යාව 1,101කි. එය රෝහල් වර්ගීකරණය අනුව වෙන් වෙන් වශයෙන් පහත දක්වා ඇත.
HEALTH INSTITUTION LIST SUMMARY - (31.12.2022)
(ii) මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.
|
රෝහල් වර්ගය |
දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව |
|
රේඛීය අමාත්‍යාංශ රෝහල් |
794 |
|
පළාත් රෝහල් |
130 |
|
මුළු ගණන |
924 |
මෙම රෝහල්වල ඇති සාමාන්‍ය ඇඳන් සංඛ්‍යාව 87,280ක් වන අතර, එහි වර්ගීකරණය ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) 2022.12.31 දින වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල සේවය කරන මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
|
වර්ගය |
පළාත් රෝහල් |
රේඛීය අමාත්‍යාංශ රෝහල් |
මුළු ගණන |
|
විශේෂඥ වෛද්‍යවරු |
675 |
1,971 |
2,646 |
|
වෛද්‍ය නිලධාරි |
7,569 |
13,501 |
21,070 |
(ආ) (i) මේ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිත කරනු ලබන ඖෂධ වර්ග සංඛ්‍යාව 1,347කි.
(ii) මේ වන විට ඖෂධ වර්ග 150ක හිඟයක් පවතී.
ඒ 150 අද වන විට 112 දක්වා අඩු වී තිබෙනවා.
(iii) ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට රජය විසින් වර්ෂයකට රුපියල් බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 155ක අගයකි. (ඇ.එ.ඩො 1 = රු.321.89)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-04-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks