04

E   |     |  

 දිනය: 2012-07-18   පිළිතුර ලබා දී ඇත 

2106/2012: වතු ක්ෂේත්‍රයේ රජයේ පාසල් : විස්තර

2106/’11

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ශ්‍රී ලංකාවේ වතුකරයේ දැනට ක්‍රියාත්මක වන,

              (i)       රජයේ පාසල් සංඛ්‍යාව ඉගැන්වීම් කෙරෙන මාධ්‍ය අනුව, දිස්ත්‍රික් පදනමින් වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       ජාතික පාසල්, පළාත් සභා පාසල්, නවෝද්‍යා පාසල් සහ ඉසුරු පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  ප්‍රාථමික හා ද්විතීයික පාසල් සංඛ්‍යාව කොපමණද;

  (iv)  ද්වීතීයික පාසල් 1000 ව්‍යාපෘතියට අයත් වන පාසල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  පසුගිය වර්ෂ 5 ක කාලය තුළ වතුකරයේ සිසුන්ගේ 5 වසර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල දිස්ත්‍රික් මට්ටමින් හෝ කලාප මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද;

  (ii)  වතුකරයේ ළමුන්ට ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි ‍තත්ත්වයක් උදාකිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-18

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු  ගාමිණී විජිත්  විජයමුණි ද සොයිසා මහතා

(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி  த சொய்சா )

(The Hon. Gamini Wijith  Wijayamuni  De Zoysa)

ගරු කථානායකතුමනි, ‍ අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

 * சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

 * Answer tabled:

 

 

(අ)            (i)      ඇමුණුම් 1හි දැක්වේ.

               (ii)      ඇමුණුම් 2හි දැක්වේ.

              (iii)      ඇමුණුම් 3හි දැක්වේ.

               (iv)     ඇමුණුම් 4හි දැක්වේ.

(ආ) (i) ‍5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඇමුණුම් 5හි දැක්වේ.

 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇමුණුම් 6හි දැක්වේ.

                         අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල ඇමුණුම් 7හි දැක්වේ.

               (ii)      5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභෘගය ඉලක්ක කර ඇති ක්‍රියාමාර්ග

                         *     පාසල් මට්ටමින් සිසුන් සඳහා අමතර  පන්ති පැවැත්වීම.

                        *     විෂය නිර්දේශ හා ගුරු අත්පොත් අදාළ පාසල් වෙත ලබා දීම. (දෙමළ හා සිංහල මාධ්‍යයෙන් අදාළ පරිදි)

                                ඊට අමතරව ජනතාවට ද අවශ්‍ය අයට එම පොත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

                        *  පළාත් හා කලාප මට්ටමින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා  දී 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පුහුණු කිරීම.

                        * ප්‍රාථමික අධ්‍යාපනය උගන්වන ගුරුවරුන් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ ගුරු   පුහුණු වැඩ මුළු පැවැත්වීම.

                        *  2007 වසරේදී ගුරු පුරප්පාඩු ඇති පාසල් සඳහා (පාසල් පාදක) ගුරු පත්වීම් ලබා දෙන ලදි.

අ.පො‍.ස. (සා.පෙළ) විභාගය ඉලක්ක කර ගෙන ඇති ක්‍රියාමාර්ග

                        *  විද්‍යා, ගණිත, ඉංග්‍රීසි විෂයන් සඳහා අති‍රේක ඉගනුම් පොත් ලබා දීම හා එම විෂයන් සඳහා අමතර පන්ති පැවැත්වීම.

                        *  පසු ගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත් සකස් කර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

                        * විද්‍යා, ගණිත, ඉංග්‍රීසි විෂයන් උගන්වන ගුරුවරුන් සඳහා ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ  ගුරු පුහුණු වැඩමුළු පැවැත්වීම.

                        *  5 වසර ශිෂ්‍යත්ව, අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස.     (උ.පෙළ) විභාග ප්‍රතිඵල අඩු පාසල්වල විදුහල්පතිවරුන් පළාත් හා කලාප මට්ටමින් දැනුවත් කිරීම.

                        * වතු පාසල් ශාඛාව විසින් පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන රැස්වීම මඟින් පළාත් කලාප නිලධාරින් දැනුවත් කිරීම.

                        * 2007 වසරේදී  විද්‍යා, ගණිත, ඉංග්‍රීසි විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු ඇති  පාසල් සඳහා (පාසල් පාදක) ගුරු පත්වීම්  ලබා දෙන ලදි.

අ.පො.ස. (උ.පෙළ) විභාගය ඉලක්ක කර ගෙන ඇති  ක්‍රියාමාර්ග 

සිසුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දී අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා පුහුණු කිරීම.

 

 (ඈ) අදාළ නොවේ.

 

 

 

 

 

 (ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks