පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
694/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව, මඩ/පට්/කුරුක්කල්මඩම් කලෙයිවාණි මහා විද්‍යාලය මේ වනවිට මහ වීදීයේ ස්ථාපිතකර ඇති අතර එම විද්‍යාලය පෙර තිබූ ස්ථානයේ පැවති ක්‍රීඩාපිටියෙන් කොටසක් මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ පවතින බවත්;
(ii) ඒ හේතුවෙන් ක්‍රීඩා කිරීම සඳහා එම ක්‍රීඩාපිටිය භාවිතා කිරීමට නොහැකි වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත ක්‍රීඩාපිටිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිදහස් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) නැගෙනහිර පළාතේ තවත් ක්‍රීඩාපිටි යුද හමුදාව භාරයේ පවතින්නේද;
(ii) එසේ නම්, එම ක්‍රීඩාපිටි සංඛ්‍යාව කොපමණද;
(iii) ඒවා පිහිටි ස්ථාන කවරේද;
(iv) එම ක්‍රීඩාපිටිද ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිදහස් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-12
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) මඩකලපුව මඩ/පට්/කුරුක්කල්මඩම් කලෙයිවාණි මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය හෝ ක්‍රීඩාපිටියෙන් කොටසක් ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ නොමැත.
(ii) අදාළ නොවේ.
(ආ) මෙම ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ නොපවතින හෙයින් මෙම ප්‍රශ්නය පැන නොනඟී.
(ඇ) (i) අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පැරණි මොරකොටච්චේන රාමක්‍රිෂ්ණ මිෂන් විද්‍යාලය පිහිටි පරිශ්‍රයේ ක්‍රීඩා පිටිය හමුදා කඳවුරු භූමිය තුළ පවතී. මෙම විද්‍යාලය වෙනත් ස්ථානයක ස්ථානගත කොට ඇත. මෙම පැරණි විදුහල් පරිශ්‍රය 1990 වර්ෂයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාවිත කරනු ලබයි.
(ii) ක්‍රීඩා පිටි - 01
(iii) සිත්තන්ඩි ප්‍රදේශය
(iv) මෙම ක්‍රීඩා පිටිය අයත් පැරණි විදුහල් පරිශ්‍රයේ පිහිටි කඳවුර මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව ඉතාම වැදගත් හෙයින්, මෙම කඳවුර පිහිටි භූමිය නිදහස් කිරීමට අදහස් කර නොමැත.
(ඈ) මෙම කඳවුර තොප්පිගල ස්ථානගත කොට ඇති හමුදා භට පිරිස්වල පරිපාලන හා නඩත්තු කටයුතු ඉටු කිරීම සිදු කරනු ලබයි.
මෙම කඳවුර කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයට ආරක්ෂාව සැපයීම සඳහා උපක්‍රමිකව වැදගත් වේ.
මෙම කඳවුර මඟින් තොප්පිගල ස්ථානගත කොට ඇති භට පිරිස් සඳහා වැදගත් වන ප්‍රධාන සැපයුම් මාර්ගයෙහි (සිත්තන්ඩි - තොප්පිගල) ආරක්ෂාව තහවුරු කිරීම සිදු කරයි.
මෙම කඳවුර ඉවත් කළහොත්, ඉහත දක්වා ඇති කාර්යයන් අඛණ්ඩව සිදු කිරීම සඳහා සුදුසු කඳවුරක් ස්ථානගත කිරීමට වෙනත් රජයේ පරිශ්‍රයක් මෙම ප්‍රදේශයේ නොමැත.
මෙම කරුණු සියල්ල නිසා පැරණි මොරකොටච්චේන රාමක්‍රිෂ්ණ මිෂන් විද්‍යාල පරිශ්‍රයේ පිහිටි කඳවුර තව දුරටත් එම ස්ථානයේම පවත්වාගෙන යෑම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වේ.
පිළිතුරු දුන් දිනය
2024-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks