පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
691/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළුදාවලෙයි ප්‍රදේශයේ පසුගිය “යහපාලන” රජය සමයේදී වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකරන ලද බවත්;
(ii) මේ දක්වා ඉහත වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගෙන නොමැති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත වෙළඳ මධ්‍යස්ථානය මේ දක්වා විවෘත නොකිරීමට හේතු කවරේද;
(ii) එම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, එම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කරනු ලබන දිනය කවරේද;
(iv) ඉහත වෙළඳ මධ්‍යස්ථානය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වැඩසටහනක් සකස් කර තිබේද;
(v) එසේ නම්, එම වැඩසටහන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-07
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ,(ii) ඔව්.
(ආ) (i) එම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන ගාඩනැඟිල්ල දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින අතර, මෙතෙක් අදාළ කඩ කාමර සුදුසු වෙළෙන්දන්හට ලබා දීමේ ක්‍රියාවලිය අවසන් වී නොමැත.
(ii) එම කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදු කරන අතර, එම අමාත්‍යාංශය විසින් 2023.06.14 දින ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට රුපියල් මිලියන 4.8ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී ඇත. ඒ අනුව මේ දිනවල මෙම පරිශ්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවතී. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කඩ කාමර බදු දීමේ ක්‍රමවේදය පිළිබඳව ද දැනට සාකච්ඡා කරමින් පවතින අතර, ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත වේ.
(iii) මෙම වසර අවසානයට පෙර විවෘත කිරීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
(iv) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලැබේ.
(v) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks