පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
686/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1300කට අධික ව්‍යාපාරිකයන් පිරිසක් සිය ව්‍යාපාරික කටයුතුවල නිරත වන කලවංචිකුඩි වෙළඳ මධ්‍යස්ථානයෙහි/වෙළඳපොළෙහි සනීපාරක්ෂක පහසුකම් සහ කාණු පද්ධති වැනි මූලික යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්;
(ii) ව්‍යාපාරික කටයුතු සඳහා ස්ථිර ගොඩනැගිලි නොමැතිවීම හේතුවෙන් එළිමහන් ස්ථානවල ව්‍යාපාරික කටයුතු සිදුකරන අතර වර්ෂා කාලවලදී ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනු ලබන බවත්;
(iii) මෙම ස්ථානයේ ඇති මත්ස්‍ය වෙළඳපොළ තාක්ෂණික පහසුකම් සහිතව අලුත්වැඩියා කර නොමැති වීම හේතුවෙන් මත්ස්‍ය ව්‍යාපාරිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනු ලබන බවත්;
(iv) එහි මාර්ග අබලන් තත්ත්වයක පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත වෙළෙඳ මධ්‍යස්ථානය/වෙළඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-22
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2019 සිට 2022 දක්වා රටේ පැවති කොවිඩ්-19 වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රාදේශීය සභාවට අපේක්ෂිත ප්‍රමාණවත් ආදායමක් නොලැබීම මත, සැලසුම් කළ පරිදි සංවර්ධන කටයුතු හා වෙළඳ මධ්‍යස්ථානයෙහි සනීපාරක්ෂක පහසුකම් හා කාණු පද්ධති වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නොහැකි වී ඇත. ඉදිරියේදී ලැබෙන ආදායම් ප්‍රමාණය හා වෙන යම් ව්‍යාපෘතියකින් ලැබෙන අරමුදල්/ආධාර සැලකිල්ලට ගෙන මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමෙන් අනතුරුව වෙළඳ මධ්‍යස්ථානයෙහි සනීපාරක්ෂක පහසුකම් සහ මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කිරීමේ හැකියාව පවතී.
(ii) අවශ්‍ය ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩමක් නොමැතිකම සහ පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාදේශීය සභාවට ප්‍රමාණවත් ආදායමක් නොමැතිකම හා 2023 සංවර්ධන ව්‍යාපෘති සඳහා ද මුදල් වෙන්කර නොමැතිවීම මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ නොහැකි විය. නමුත්, මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය - LDSP - යටතේ හා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන - PSDG - මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(iii) ඒ වන විට පැවති අවශ්‍යතා සැලකිල්ලට ගෙන 2022 වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය - LDSP - මඟින් නව මත්ස්‍ය වෙළෙඳ පොළ ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර, එමෙන්ම 2023 වර්ෂයට අදාළව මස් අළෙවි සැලක් ඉදිකිරීමට ද පියවර ගෙන ඇත.
(iv) ඔව්. එම මාර්ගය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන කෘෂි මාර්ගයකි. මෙම මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, සභාවේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) අදාළ සංවර්ධන වැඩසටහන් සභාවේ ආදායමෙන් ක්‍රියාත්මක කළ යුතු වුවත්, ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත්, කෙසේ වෙතත්, එම සංවර්ධන කටයුතු 2023 වසරේ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය - LDSP - යටතේ ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත. මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය - LDSP - යටතේ රුපියල් මිලියන 5ක් ලබාදීමට නියමිත අතර, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන - PSDG - මඟින් ද අවශ්‍ය මුදල් වෙන්කර ඉදිරියේදී සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks