01

E   |     |  

 දිනය: 2023-09-07   පිළිතුර ලබා දී ඇත 

0436/2023: වියළි කිරිපිටි සහ දියර කිරි පැකට්: විස්තර

436/2023

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කිලෝ ග්‍රෑම් 1ක් බරැති සම්පූර්ණ යොදය සහිත හා යොදය රහිත කිරිපිටි පැකට්ටුවක් සහ ග්‍රෑම් 400ක් බරැති සම්පූර්ණ යොදය සහිත හා යොදය රහිත කිරිපිටි පැකට්ටුවක්—

              (i)      අලෙවි කරනු ලබන මිල;

(ii) භාවිතා කර සකස් කළ හැකි කිරි ලීටර් ප්‍රමාණය;

(iii) සෑදීමට භාවිතා කරනු ලබන දියර කිරි ලීටර් ප්‍රමාණය‍;

  එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ශ්‍රී ලංකාවේ අලෙවි කරනු ලබන දියර කිරි පැකට්වල පරිමාව සහ එම පරිමාව අනුව එක් එක් දියර කිරි පැකැට්ටුවක මිල වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දැනට කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර නොමැත. දේශීය වෙළෙඳ පොළේ විවිධ සන්නාම යටතේ ඇසුරුම් කරන ලද කිරිපිටි විකුණනු ලැබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම එක් එක් කිරිපිටි වර්ගයට අදාළව ලබා දී ඇති විස්තර මෙසේය.

             (ii)      කිරිපිටි පැකට්ටුවක් භාවිත කර සකස් කළ හැකි කිරි ලීටර් ප්‍රමාණය ලෙස,

-  ග්‍රෑම් 400ක් බරැති කිරිපිටි පැකැට්ටුවක් මඟින් කිරි ලීටර් 3-4ක්ද,

-  කිලෝග්‍රෑම් එකක් බරැති කිරිපිටි පැකැට්ටුවක් මඟින් කිරි ලීටර් 7.5-8.5ක් ද සකස් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.

(iii) කිරිපිටි පැකැට්ටුවක් ‍සෑදීමට භාවිත කරන කිරි ලීටර් ප්‍රමාණය ලෙස,

-  ග්‍රෑම් 400ක් බරැති කිරිපිටි පැකැට්ටුවක් සෑදීම සඳහා කිරි ලීටර් 3.4ක්ද,

-  කිලෝග්‍රෑම් එකක් බරැති කිරිපිටි පැකැට්ටුවක් සෑදීම සඳහා කිරි ලීටර් 8.5ක්ද භාවිත කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.

 

(ආ) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලබා දී ඇති තොරතුරු අනුව දියර කිරි පැකට්ටුවක පරිමාව අනුව විකුනණු ලබන සිල්ලර මිල මෙසේය.

 (ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks