පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
435/2023
ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආනයනික මත්වතුර ඇසුරුම්වල ඇති, මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ආයතනය මඟින් නිකුත් කරන ස්ටිකරයේ ඇතුළත් ආරක්ෂක ක්‍රමවේද කවරේද;
(ii) එම ආරක්ෂක ක්‍රමවේද ඇතුළත් කිරීමට හේතු කවරේද;
(iii) එහි එම ආරක්ෂක ක්‍රමවේද අඩංගු බවට ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයකින් සහතික කර තිබේද;
(iv) එසේ නම්, එය ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විශේෂ ඩී.එන්.ඒ. අඩංගු තීන්ත වර්ග භාවිතයෙන් මුද්‍රණයට යෝජිත ආරක්ෂක කේතවල සහ එම තීන්තවල අඩංගු ආරක්ෂක ක්‍රමවේද වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම කේත මුද්‍රණය කරනු ලබන පද්ධතියේ ඇති ආරක්ෂක ක්‍රමවේද කවරේද;
(iii) සැපයීමට එකඟ වී ඇති ආරක්ෂක ක්‍රමවේද එලෙස මුද්‍රණය කරන කේත සහ තීන්තවල අඩංගු බව තහවුරු කරන ලේඛනයක් තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මුද්‍රිත ස්ටිකර් 1000ක්, එ.ජ.ඩො. 5.99ට සැපයීම සඳහා ඉහත ආයතනයට නිකුත් කළ ටෙන්ඩරය මත, එම මිලටම, ඩිජිටල් කේතයක් මිලදී ගැනීම අනුමත කළ පදනම කවරේද;
(ii) එය අනුමත කළ නිලධාරින් කවුරුන්ද;
(iii) ඊට අදාළ ලියවිලි ඉදිරිපත් කරන්නේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) මෙම ස්ටිකර් ආකාර තුනක ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් අන්තර්ගතය. එනම්,
1. විවෘත ආරක්ෂිත ක්‍රමවේදය - මෙම ස්ටිකරය මතුපිටින් ප්‍රායෝගිකව නිරීක්ෂණය කළ හැක.
2. ආවෘත ආරක්ෂිත ක්‍රමවේදය - ලේසර් ලයිට් උපකරණ හා හඳුනා ගැනීමේ මෘදුකාංග (App මඟින්) සහිතය.
3. වෝහාරික ආරක්ෂිත ක්‍රමවේදය - අදාළ තාක්ෂණික හඳුනා ගැනීම් තහවුරුව සඳහා යොදා ගන්නා ක්‍රම.
(ii) නීත්‍යනුකූල නොවන මත්පැන් වෙළෙඳ පොළට පැමිණීම වැළැක්වීමටත්, මත්පැන් නිෂ්පාදන විකිණීම හරහා රජයට ලැබිය යුතු ආදායම තහවුරු කර ගැනීමටත් මෙම ආරක්ෂිත ක්‍රම හඳුන්වා දී ඇත. එසේම බදු හෝ තීරු බදු නොගෙවන ලද නීත්‍යනුකූල නොවන මත්පැන් හා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ව්‍යාජ මත්පැන් භාවිතය වැළැක්වීමටද මෙම ආරක්ෂිත ක්‍රම ස්ථාපිත කිරීමට හේතු විය.
මෙම ආරක්ෂිත ස්ටිකර් හඳුන්වා දුන් පසු 2021 වර්ෂයේදී සුරා බදු ආදායම පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 19ක වර්ධනයක් වාර්තා කරන ලදී.
(iii) ජාත්‍යන්තර ප්‍රමිති ආයතන මගින් සහතික කර තිබේ.
(iv) ආරක්ෂිත ස්ටිකර් සපයන්නාට පහත සහතික තිබිය යුතුය.
ISO 9001 හෝ ඊට සමාන සහතිකය
ආරක්ෂක මුද්‍රණ ක්‍රියාවලිය සඳහා ISO 14298
තොරතුරු ආරක්ෂාව සඳහා ISO 27001
(ආ) (i) මෙම ආරක්ෂිත ක්‍රම සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම එම ආරක්ෂිත ක්‍රම පවත්වා ගැනීමට ප්‍රායෝගිකව ගැටලු ඇති කිරීමට හේතු විය හැකිය.
(ii) ඉහත පිළිතුරම අදාළ වේ.
(iii) මීට අදාළ ලේඛන පවතී.
(ඇ) (i) ආරක්ෂිත ස්ටිකර් ක්‍රමය පවත්වාගෙන යෑමේදී මත්පැන් නිෂ්පාදකයන් විසින් ඒ හා සම්බන්ධව ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික ගැටලු සම්බන්ධව සාකච්ඡා කර විසඳුම් සෙවීමට කටයුතු කළ අතර, එහිදී නිෂ්පාදන ආයතනවල භාවිත කරන තාක්ෂණික යන්ත්‍රණයට ගැළපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කරන ලදී. එහිදී නව තාක්ෂණයට අනුගත වෙමින් මුද්‍රිත සාමාන්‍ය ස්ටිකර් සමඟ ඩිජිටල් ස්ටිකර් භාවිතයට ද අවසර දී ඇති අතර, අදාළ ආයතනය මඟින් තාක්ෂණික සහාය, උපකරණ හා අවශ්‍ය සේවකයන් සැපයීම සිදු කර ඇත.
(ii) මේ සඳහා අදාළ අනුමැතිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/0335/304/031 සහ 2021.02.22 දිනැති අමාත්‍ය මණ්ඩල සටහනට අදාළව අංක 21/0335/304/031 සහ 2021.03.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබා දී තිබේ.
(iii) දැනට භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේදයන්හි වර්තමාන ප්‍රායෝගික භාවිතය හා සාකච්ඡාවට ලක්විය යුතු වෙනත් කරුණු සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන අතර, එම විමර්ශනයෙන් පසු හඳුනා ගනු ලබන කරුණු සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව ද දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks