01

E   |     |  

 දිනය: 2023-04-27   පිළිතුර ලබා දී ඇත 

0432/2023: කිරිපිටි වල අඩංගු අහිතකර ද්‍රව්‍ය : පරීක්ෂණ

432/2023

ගරු බුද්ධික පතිරණ මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ අලෙවි කරනු ලබන කිරිපිටිවල ඩීසීඩී මෙලමයින්, කෘතිම ලැක්ටෝස්, ඌරු තෙල්, ගව තෙල් හා  මානව ශරීරයට අහිතකර වෙනත් රසායන ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු කර ගැනීම සඳහා රජය විසින් පරීක්ෂණ සිදු කර තිබේද;

(ii) එසේ නම්, පරීක්ෂණ සිදු කරනු ලබන ආයතනය/ආයතන කවරේද;

(iii) එම ආයතනය/ආයතන විසින් මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලට අදාළ වාර්තා ඉදිරිපත් කරන්නේද;

(iv) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් එම ආයතනය/ආයතන සතුව තිබේද;

(v) නොඑසේ නම්, එම පහසුකම් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ඉහත (අ)(i) සඳහන් රසායන ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති කිරිපිටි නිෂ්පාදනය කරනු ලබන ආයතනවලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-04-27

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා ඖෂධ පරීක්ෂක, අපනයන සහ ආනයන පරීක්ෂණ ඒකකය (Food and Drugs Inspector, Import and Export Inspection Unit, Ministry of Health)

              (iii)      ඔව්.

                        ශ්‍රී ලංකා‍‍වේ ප්‍රමිතිකරණයට (SLS 731: 2008) අනුව කිරිපිටිවල අඩංගු සංඝටක පිළිබඳව සිදු කරන නියැදි පරීක්ෂණයේ සාරාංශ වාර්තාව පහත පරිදි දැක්විය හැකිය.

No.

Test              Parameter

Value Obtained

Requirement                (SLS : 2008)

Method of  Testing

1

% Moisture            (w/w)

2.2

Less than 5

SLS 735: Part 3: 1987

2

% Fat  Content              (w/w)

26.3

More than 26

SLS 735: Part 1: Sec2:2009               (ISO 1736-2008)

3

Reichert Meissl   number

27.8

24 to 32

SLS 313: Part 2/           Section 5 : 2009

4

Polenske number

3.3

1.5 to 3.5

SLS 313: Part 2/               Section 5 : 2009

5

Refractive index            at 400 C

1.4541

1.4524 to 1.4561

SLS 313:  Part 2/              Section 5 : 2009

6

Lodine value

34.5

           -

ISO 3961  : 2009

 

මීට   අදාළ නියැදි තොරතුරු පහතින් දක්වා ඇත.

· Name of product - Full cream milk powder

· Sample Numbers - RCT/NIHS/m/214/2019

· Sample Size - 100g

· Manufactured by - Fonterra Ltd., Auckland, New Zealand

· Container Number - SUDU 4936189

· CUSDEC Number1 - 11596

 

(iv) ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මෙම ආයතන සතුය. ලොව දියුණු රටවල භාවිත කරනු ලබන පර්යේෂණ ක්‍රමවේද සඳහා අනුගත වීමේදී යම් සීමා පවතී.

 

(v) ලොව දිනෙන් දින වැඩිදියුණු වන පර්යේෂණ ක්‍රමවේදවලට අනුකූල ලෙස නවීන තාක්ෂණික පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

 

(ආ) රජය විසින් දැනට සිදු කර ඇති පර්යේෂණ මඟින් ශ්‍රී ලංකාවේ අළෙවි කරනු ලබන කිරිපිටිවල මානව ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට තහවුරු වී නොමැත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-04-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks